gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මල්වානේ නිවස සහ ඉඩම අන්තරේ විසින් අත්පත් කරගනී

හිමිකරුවෙකු නොමැති දේපොළක් ලෙස ප්‍රකට මල්වානේ පිහිටි නිවස සහ ඉඩම විශ්වවිද්‍යාල සිසුන්ගේ සහ පොදු මහජනතාවගේ පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය (අන්තරේ) අද (14) විරෝධතාවයක නිරත විය. 

වත්මන් රජය බලයට පත්වීමේදී ලබාදුන් පොරොන්දුවක් වන 'ජනතාවගෙන් සොරකම් කළ දේපොළ යළි ජනතාවට පවරා දීම' යන්න සිහිපත් කරමින් ඔවුන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.මෙම නිවස සහ ඉඩම අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක පැතිර පවතී. 

බැසිල් රාජපක්ෂ මහතා නීතිඥයින් මාර්ගයෙන් මෙම දේපොළට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අධිකරණයට දැනුම් දීමෙන් පසුව, එය හිමිකරුවෙකු නොමැති දේපොළක් ලෙස අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගැනුණි. පසුගිය අරගල සමයේදී මෙම නිවසට පිරිසක් ගිනි තැබීම නිසා එහි කොටසකට හානි සිදුවී තිබුණි. පසුව මෙම ස්ථානයේ ජාත්‍යන්තර විනිසුරු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද, එය දිගු කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොවීය.

ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා නේවාසිකාගාර පහසුකම් ලෙස හෝ වෙනත් පොදුජන පරිහරණය සඳහා මෙම නිවස සහ ඉඩම වහාම පවරා දෙන ලෙස සිසුන් බලකර සිටී. මීට පෙර අධිකරණය විසින් මෙම දේපොළ වෙන්දේසි කිරීමට ද නියෝග කර තිබුණි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka