gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාගානන්දගෙන් ප්‍රශ්න කිරීමේදී කන්ටේනර් කමිටුව උණුසුම් වෙයි - මන්ත්‍රීවරුන් අතර ගාලගෝට්ටියක්!

කොළඹ වරායෙන් බහාලුම් (කන්ටේනර්) 323ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී ඊයේ (13) උණුසුම් තත්ත්වයක් ඇති විය.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ මෙම බහින්බස්වීම හමුවේ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සිය අසුනින් නැගිට පිටව යෑමට පවා සූදානම් වී ඇති බව වාර්තා වේ.

සමාජ ක්‍රියාකාරික නාගානන්ද කොඩිතුවක්කු මහතාගෙන් කමිටුව ප්‍රශ්න කරමින් සිටි අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන ඇත. අදාළ බහාලුම් කඩිනමින් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා උපදෙස් දුන් බවට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ "කඩිනමින් නිදහස් කිරීම" යන්නෙන් අදහස් වන්නේ කුමක්දැයි අජිත් පී. පෙරේරා මහතා විමසා තිබේ. ඊට පිළිතුරු දෙමින් නාගානන්ද මහතා ප්‍රකාශ කර ඇත්තේ ඉන් අදහස් වන්නේ "නීති විරෝධීව නිදහස් කිරීම" යන්න බවයි.

මෙම ප්‍රශ්න කිරීමේ ස්වරූපය වැරදි බව පවසමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් හඬ නැගීමත් සමඟ සභාව උණුසුම් වූ අතර, තමන්ට ප්‍රශ්න කිරීමේ අයිතියක් නොමැතිදැයි විපක්ෂ මන්ත්‍රීවරුන් එහිදී විරෝධය පළ කර ඇත. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කමිටුව හමුවේ නාගානන්ද කොඩිතුවක්කු මහතාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka