gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අධිභාරයට කලින්දා LC ඇරිය ප්‍රකෝටිපති තිදෙනාම ජනාධිපතිගේ ගජ මිතුරෝ... ලයිස්තුව එලියට දමයි!

මැයි මස 16 වෙනිදා සිට වාහන ආනයනය සඳහා 50%ක අධිභාරයක් පැනවීමට රජය තීරණය කර තිබියදී, ඊට පෙර දින එනම් 15 වෙනිදා හදිසියේම වාහන 1782ක් සඳහා ණයවර ලිපි (LC) නිකුත් කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.

මෙම ණයවර ලිපි නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන 'Rebuilding Sri Lanka' වැඩසටහනේ සාමාජික ක්‍රිෂාන් බලේන්ද්‍ර, ජනාධිපතිවරයාගේ සමීපතමයින් ලෙස සැලකෙන ධම්මික පෙරේරා සහ ඉෂාර නානායක්කාර යන මහත්වරුන්ගේ සමාගම් සඳහා බව මන්ත්‍රීවරයා හෙළි කළේය.

බද්ද පැනවීමට පෙර සතිය තුළ පමණක් වාහන 4000ක් සඳහා මෙලෙස ණයවර ලිපි නිකුත් කර ඇති බවත්, මෙය සංවිධානාත්මක අපරාධයක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

අනුර කුමාර දිසානායක මහතා මන්ත්‍රීවරයෙකු ලෙස සිටි කාලය පුරාම ගජමිතුරු ආර්ථිකය දැඩි ලෙස විවේචනය කළද, ඔහු බලයට පත්වීමෙන් පසුවද සිදුවන්නේ එම ගජමිතුරු ආර්ථිකයම නඩත්තු කිරීම බව රහුමාන් මහතා පෙන්වා දෙයි.

ජාතික ජන බලවේගයේ නායකයින් මැතිවරණ වේදිකාවල ලබා දුන් පොරොන්දු පිළිබඳවද මෙහිදී ප්‍රශ්න කෙරිණි. විශේෂයෙන්ම ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණේ රටේ ඩොලර් අර්බුදයක් ආවොත් ලෝකය පුරා සිටින පක්ෂ යාන්ත්‍රණය හරහා සාමාජිකයින් ඩොලර් එවන බවයි.

එසේම සුනිල් හඳුන්නෙත්ති මහතාට ලැබුණු බව කියන ඩොලර් මිලියනයක දුරකථන ඇමතුම පිළිබඳවද මතක් කළ මන්ත්‍රීවරයා, එම ඩොලර් දැන් කොහේදැයි ප්‍රශ්න කළේය.

වර්තමානයේ ඩොලරයේ අගය විනාඩියෙන් විනාඩිය ත්‍රීවීල් ටැක්සි මීටරයක් මෙන් ඉහළ යන බවත්, එක් සතියක් තුළ රුපියල් 120කින් පමණ ඩොලරයේ අගය වැඩි වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. 

355ට තිබූ ඩොලරය 385 දක්වා ඉහළ යන තත්ත්වයක් පවතින බවත්, මහ බැංකුව ඩොලර් නිකුත් නොකරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් කොන්දේසි නිසා බවත් ඔහු පැවසීය.

ආර්ථිකය ක්‍රමයෙන් නරක අතට ගමන් කරමින් පවතින බවත්, මේ නිසා හාල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කළ නොහැකි ලෙස ඉහළ යන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. 

හිටපු පාලකයින් මෙන්ම වත්මන් පාලකයින්ද බොරු පවසමින් රටේ ආර්ථිකය විනාශ කරමින් සිටින බවත්, මෙහි භයානක ප්‍රතිඵල ඉදිරියේදී සමස්ත ජනතාවටම අත්විඳීමට සිදුවනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka