gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැති ඇමතිලා රට පුරා මන්දිර 37ක් හදමින්!

ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරුන් 37 දෙනෙකු රට පුරා සුපිරි මන්දිර ඉදිකරමින් සිටින බව නව ජනතා පෙරමුණේ නායක සුගීශ්වර බණ්ඩාර මහතා පවසයි. 

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ, වත්මන් පාර්ලිමේන්තුවේ සිටින ඇතැම් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් තමන්ට නැවත බලය ලැබෙන්නේ නැති බව දන්නා නිසා මේ වන විට හොරකම් කරමින්, විවිධ ඩීල් දමමින් සහ කොමිස් ලබාගනිමින් ධනය රැස් කිරීමේ නිරත වන බවයි. 

මෙලෙස සොයාගන්නා ධනයෙන් ඔවුන් මන්දිර ඉදිකිරීම අරඹා ඇති බවත්, එවැනි මන්දිර 37ක් පමණ හඳුනාගත හැකි බවත් ඔහු පැවසීය.

විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ ප්‍රබල සාමාජිකයෙකු වන කේ.ඩී. ලාල්කාන්ත මහතා ඉලක්ක කරමින් සුගීශ්වර බණ්ඩාර මහතා චෝදනා කළේ, ඔහු පක්ෂයේ පූර්ණකාලීන බව පෙන්වමින් අහිංසක ගොවියන්ගෙන් පවා ආධාර ලබාගන්නා බවයි. 

"ඇඹිලිපිටියේ කෙහෙල් ගොවියෙක් තමන්ගේ දරුවන්ට පවා නොදී ලාල්කාන්ත මහතාට කෙහෙල් කැනක් දෙන්නේ ඔහු පක්ෂයට පූර්ණකාලීනව වැඩ කරන නිසා. හැබැයි ඒ ගොවියා දන්නේ නැහැ ලාල්කාන්ත මහතා බිලියනපතියෙක් කියලා, ඔහුට සුපිරි ගෙවල් සහ වාහන තියෙනවා කියලා" යැයි ඔහු සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ සුගීශ්වර බණ්ඩාර මහතා කියා සිටියේ ඕනෑම අයෙකුට සැප වාහන පාවිච්චි කිරීමට හෝ හොඳින් ජීවත් වීමට අයිතියක් ඇති නමුත්, මාධ්‍ය ඉදිරියේ බොරු ප්‍රකාශ කරමින් ජනතාව මුලා කිරීම වැරදි බවයි. 

"ගෙවල් හදන්න, ඒසී කරගන්න, පියානෝ තියාගන්න, සෝෆා ගන්න. ඒවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මාධ්‍යයට ඇවිල්ලා බොරු ටෝක් දෙන්න එපා" යැයි පවසමින් ඔහු පැවසීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka