gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

NDB බැංකුවේ වංචාව ගැන සෙවීමට අන්තර්ජාතික වෝහාරික පරීක්ෂණයක් ඉල්ලා ජනපතිට ලිපියක්!

NDB බැංකුවේ සිදුව ඇති වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයාබැලීමට අන්තර්ජාතික ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇත.

ජාතික සංවර්ධන බැංකුව (NDB) සම්බන්ධයෙන් වාර්තා වී ඇති බරපතල වංචාව පිළිබඳවත්, ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රධාන නියාමකයා ලෙස ප්‍රතිපත්තිය රෙගුලාසිවලට අනුකූල වීම සහ අවදානම් නිරීක්‍ෂණය යාන්ත්‍රණයන් සහතික කිරීමට අපොහොසත් වී ඇති බවත් පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මෙම ලිපිය ජනපතිවරයාට යොමුකර තිබේ.

එම ලිපිය මගින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම වංචනික ගනුදෙනු හේතුවෙන් රජයට ලැබිය යුතු බදු ආදායම් අහිමි වී ඇති අතර, එම පාඩුව කඩිනමින් ගණනය කර අයකර ගතයුතු බවයි.

ජනාධිපතිවරයා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් යොමුකළ එම ලිපියේ ඇති ප්‍රධාන කරුණු මෙසේය.

– කිසිදු පෞද්ගලික උනන්දුවක් හෝ පක්ෂපාතීත්වයක් නොමැති, අන්තර්ජාතිකව පිළිගත් ස්වාධීන වෝහාරික පරීක්ෂණ කණ්ඩායමක් පත්කිරීම.

– පරීක්ෂණ ක්‍රියාවලිය සඳහා සහය වීමට පහත සඳහන් අන්තර්ජාතික ආයතනවල සහය ලබාගැනීම ගැන සලකා බැලීම.
ඉන්දීය රිසර්ව් බැංකුව (RBI)
ජපාන බැංකුව (BOJ)
එංගලන්ත බැංකුව (BOE)
සිංගප්පූරු මූල්‍ය අධිකාරිය (MAS
මැලේසියානු මහ බැංකුව

– පරීක්ෂණයේ විෂය පථය පුළුල් කරමින් මහබැංකුවේ නියාමන අතපසුවීම්, තාක්ෂණික පද්ධතිවල දුර්වලතා සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ අධීක්ෂණ අසාර්ථකත්වයන් පිළිබඳවද විමර්ශනය කිරීම, 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ වගවීමේ රාමුව පරීක්ෂා කිරීම.

විශේෂයෙන් බැංකුවල විගණන කමිටු සාමාජිකයන්ට මූලික බැංකු ක්ෂේත්‍රයේ පළපුරුද්දක් නොමැති වීම මහබැංකුවේ “සුදුසු සහ යෝග්‍ය” (Fit and Proper) නිර්ණායකවල සඵලතාවය පිළිබඳ ගැටලුවක් මතු කරයි.

මූල්‍ය අංශයේ පාලනය ශක්තිමත් කිරීමට රජය ගන්නා පියවර අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) වෙත නිල වශයෙන් දැනුම් දීම,රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) සහාය මෙම ක්‍රියාවලිය සඳහා සහය වීමට අප කාරක සභාව සූදානමින් සිටින අතර, ස්වාධීන වෘත්තීය ආයතන හඳුනා ගැනීමට සහ නිර්දේශ කිරීමට අපට දායක විය හැකිය.මෙය ජාතික වැදගත්කමකින් යුත් හදිසි කරුණකි. අපගේ බැංකු පද්ධතිය කෙරෙහි පවතින විශ්වාසය සහ මූල්‍ය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට විනිවිදභාවයකින් යුත් තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය වේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka