gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිවුරට මුවා වී වැරදි කරන අයට වැඩ වරදී: භික්ෂු විනය රකින්න "සංඝාධිකරණයක්" පිහිටුවීමේ සූදානමක්!

විවිධාකාරයේ විනය විරෝධී සහ ශාසන විරෝධී කටයුතුවල නිරත වන භික්ෂූන් වහන්සේලාගේ තරාතිරම නොබලා, ඔවුන්ට එරෙහිව නිසි දඬුවම් පැමිණවීම සඳහා වත්මන් බෞද්ධ විහාර දේවාලගම් පනත කඩිනමින් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. 

මහා සංඝයා වහන්සේලාගේ පොදු විනය කටයුතු වඩාත් විධිමත් කිරීම අරමුණු කරගත් මෙම සුවිශේෂී තීරණය පිළිබඳව අදහස් දක්වමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා සඳහන් කළේ, මේ සඳහා වන මූලික නිර්දේශ ඇතුළත් විශේෂ වාර්තාවක් සියලුම මහා නිකායන්හි සංඝ සභාවන්හි ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලාගෙන් මේ වන විටත් කැඳවා ඇති බවයි.

මහා සංඝරත්නයේ අදහස් හා යෝජනා අන්තර්ගත එම නිල වාර්තාව කඩිනමින් ලැබීමට නියමිත අතර, එය ලැබුණු වහාම බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතය.

මෙම සංශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ ද දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නීතිමය වශයෙන් අතිශය වැදගත් එකඟතා කිහිපයකටම පැමිණීමට හැකි වී තිබේ. 

එම එකඟතා සහ නිර්දේශයන් දැනටමත් සංඝ සභාවන්හි ලේඛකාධිකාරී හිමිවරුන් වෙත භාර දී ඇති අතර, මහා නායක හිමිවරුන්ගේ අනුශාසනා පරිදි වර්තමාන සමාජයට ඔබින පරිදි මෙම පනත සංශෝධනය කෙරෙනු ඇත.

වත්මන් සමාජය තුළ ඇතැම් භික්ෂූන් සම්බන්ධයෙන් ඒ ඒ මහා සංඝ සභාවන් මඟින් විවිධ විනය ක්‍රියාමාර්ග ගනු ලැබුව ද, පවතින නීතිමය හිඩැස් හේතුවෙන් අදාළ වැරදිකරුවන් දිගින් දිගටම චීවරය දරාගෙන ශාසනයට හානි කරන ඛේදනීය තත්ත්වයක් බහුලව දක්නට ලැබෙන බව කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි. 

මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා "නිල සංඝාධිකරණයක්" වැනි ශක්තිමත් නෛතික යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වේ. 

ඒ හරහා වැරදිකරුවන් වන භික්ෂූන්ට නිසි දඬුවම් පැමිණවීමට හැකි වන පරිදි නව සංශෝධන ඇතුළත් කරමින් බෞද්ධ විහාර දේවාලගම් පනත සකස් කරන බව ඒ මහතා වැඩිදුරටත් ස්ථිරවම ප්‍රකාශ කළේය. 
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka