gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිතීයෙන් කළ නොහැකි අධ්‍යාත්මික පරිවර්තනය කරන්න කත්නෝරුවේ හිමි වැනි අයගේ සහයෝගය ඕනේ – ජනපති අනුර කියයි

පූජ්‍ය කත්තෝරුවේ සිරිධම්ම හිමියන්ගේ ධර්ම දේශනාවන් කෙරෙහි වර්තමාන දස දහස් සංඛ්‍යාත තරුණ පරම්පරාව තුළ විශාල ආකර්ෂණයක් සහ ලැදියාවක් හටගෙන ඇති බවත්, උන්වහන්සේ පවසන කරුණු පිළිබඳව අලුත් පරපුර අවධානයෙන් යුතුව අධ්‍යයනය කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති සඳහන් කළේ, පන්සල හෝ ආගමික කටයුතු යනු වයස්ගත වූ පිරිසට පමණක් සීමා වූවක්ය යන සාම්ප්‍රදායික මතය වෙනස් කරමින්, අලුත් තරුණ පරපුර ප්‍රබෝධමත්ව පන්සල සහ ධර්මය වටා රොක් කරවීමට සිරිධම්ම හිමියන් ඉටුකරන නියමු කාර්යභාරයට සමස්ත රාජ්‍යයේම ප්‍රණාමය හිමිවිය යුතු බවයි.

එමෙන්ම ලංකා ඉතිහාසයේ පළමු වරට මත්ද්‍රව්‍ය සහ අපරාධ සන්තතිය පිටුපස තිබුණු දේශපාලන බලපෑම් සහ අනුග්‍රහයන් සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙන බවත් එම කිසිදු විනාශකාරී ක්‍රියාවකට වත්මන් රජයෙන් දේශපාලන රැකවරණ හෝ ආරක්ෂාව නොලැබෙන බව පවසන සහතිකය තමන්ට රටට ලබාදිය හැකි බවත් ජනාධිපතිවරයා පවසනවා.

පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක නිලධාරීන් මෙම විනාශකාරී දොරටුව වසා දැමීමට උපරිම වෙහෙසක් දරන බව පැවසූ ජනාධිපතිවරයා, නමුත්  රජයකට පනත් සහ නීතිවලින් පමණක් මෙය තනිවම කළ නොහැකි බව එහිදී කියා සිටියා.

එබැවින් නීතියට පමණක් කළ නොහැකි එම අධ්‍යාත්මික පරිවර්තනය සිදුකිරීමට  කත්නෝරුවේ සිරිධම්ම හිමි වැනි  තරුණ ස්වාමීන් වහන්සේලාගේ දායකත්වය අවශ්‍ය වන බව ජනාධිපතිවරයා පවසනවා.

එමෙන්ම සිංහල බෞද්ධ පවුලක උපදින දරුවාට පන්සලත්, කිතුණු දරුවාට පල්ලියත්, දෙමළ දරුවාට කෝවිලත් තමන්ගේ අධ්‍යාත්මය ගොඩනඟන කේන්ද්‍රස්ථානය වන බව පැවසූ ඔහු, අවශ්‍ය කරන්නේ අන්‍යයන්ගේ සංස්කෘතික අනන්‍යතාවයන් සහ වටිනාකම් බැහැර නොකර, ඒ සැමට එක සේ ගරු කරන සහ පිළිගන්නා සහෝදරත්වයෙන් පිරි සමාජයක් බව කියා සිටියා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka