gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බිමල්ගේ අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙයි

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉවත් වීමට මහාචාර්ය කපිල පෙරේරා මහතා පියවර ගෙන තිබේ.  එම අමාත්‍යාංශයේම සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමට එරෙහිව පසුගිය සතියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරන ලද නඩු තීන්දුවක් මෙම තීරණයට සෘජුවම බලපා ඇත.

තමන් ධුරයෙන් ඉවත් වන බව මහාචාර්යවරයා විසින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත දැනුම් දී ඇති අතර, මේ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

පාලන තන්ත්‍රයෙන් ඉවත් වන ඒ මහතා ඉදිරියේ දී නැවතත් සිය විශ්වවිද්‍යාලයීය සේවය සඳහා එකතු වීමට නියමිතය. 

මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙකු ලෙස මීට පෙර කටයුතු කර ඇති මහාචාර්ය කපිල පෙරේරා මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ වකවානුවේ දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද සේවය කර ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka