gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කපිල චන්ද්‍රසේන මරණයට පොලිසිය අධිකරණයට දුන් වාර්තාවේ තොරතුරු එලියට... බිරිද රටින් පැනලා!

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු වූ කපිල චන්ද්‍රසේන මහතාගේ අභාවය සැකකටයුතු මරණයක් ලෙස සලකා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පොලිසිය විසින් කරුණු ඉදිරිපත් කර තිබේ.

ඊයේ (08) පෙරවරුවේ කොල්ලුපිටිය පේද්‍රිස් පාරේ පිහිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් නිවසක තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇත. පොලිස් 'බී' වාර්තාවට අනුව, මරණය සිදුව ඇත්තේ එම නිවසේ දෙවැනි මහලේ කාමරයක් තුළය.
මෘත ශරීරය හමුවන අවස්ථාවේ එය පුටුවක් අසල බිම වාඩි වී හිස පුටුව මත තබාගෙන සිටින ඉරියව්වක තිබී ඇත. නාන කාමර දොරේ පටියක් සිරකර තිබූ බවත්, මියගිය පුද්ගලයාගේ ගෙලෙහි ද කැඩී ගිය පටියක කොටසක් තිබූ බවත් මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. 

මියගිය අය කොළඹ 07, ඛාන්ස් පෙදෙසේ පදිංචිව සිටි කපිල චන්ද්‍රසේන මහතා බවට මේ වන විට අනන්‍යතාව තහවුරු කරගෙන ඇත.

මෙම මරණය සියදිවි නසාගැනීමක් ද නැතහොත් අපරාධයක් ද යන්න තහවුරු කරගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඒ සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) සහ ඇඟිලි සටහන් විශේෂඥයන් කැඳවීම, පොලිස් නිල සුනඛයන් යොදාගෙන සිදුකරන සෝදිසි කිරීම්, අදාළ සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම පියවර ගෙන ඇත.

මරණයට නිශ්චිත හේතුව සනාථ කරගැනීම සඳහා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම කටයුතු අවසානයේ මෘත දේහය අවසන් කටයුතු සඳහා ඔහුගේ බිරිඳ වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක මහත්මිය ගේ සහෝදරිය වෙත මුදාහරින ලෙස ද වැඩිදුරටත් ඉල්ලීමක් කර ඇත.

කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ මෙවන විට විදෙස්ගත වී සිටින අතර ඇය අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ. ඇයටද මෙම ගුවන් යානා ගනුදෙනුවේ චෝදවා එල්ල වී ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka