gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සංගීත්ගේ මිතුරන්ගේ ඩොලර් ගේන්න අපෙන් බාධාවක් නෑ..- IMF කොළඹ කාර්යාලය

ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා කිසිදු පාර්ශ්වයකට කොන්දේසි පනවා නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොළඹ කාර්යාලය පවසයි. ණය ලබා ගැනීමේදී විවිධ කොන්දේසි පැනවුවද රටට ආධාර හෝ ආයෝජන ලබා ගැනීමට එවැනි කොන්දේසි තම ආයතනය පනවා නොමැති බව ජනප්‍රිය ගායක සංගීත් විජේසූරිය ඊයේ සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු ලබා දෙමින් එහි ප‍්‍රකාශිකාවක් අන්තර්ජාල නාලිකාවක් වෙත පවසා ඇත. 

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් සංගීත් විජේසූරිය ප්‍රකාශ කළේ මාලිමාණ්ඩුව පත්වීමෙන් පසු සිය මිතුරා තවත් පිරිසක් සමග එක්ව ඩොලර් මිලියන 23ක් ලංකාවට ගෙන ඒමට සූදානම් වූ බවය.

කෙසේ වුවද ඊට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම නිසා නෛතික බාධාවක් මතුව ඇති බවත් ලංකාව දැනට එකගතා අනුව සිටින නිසා එලෙස මුදල් රැගෙන ඒමට නොහැකි බවත් සංගීත් විජේසූරිය එහිදී පෙන්වා දුන්නේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka