gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පළමුවරට ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ අතුරුදහන් කිරිමේ නඩුව සති­පතා විභා­ග­යට ගැනීම ආරම්භ වෙයි

මාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ පැහැ­ර­ගෙන ගොස් අතු­රු­දන් කිරීම සම්බ­න්ධ­යෙන් ගිරි­තලේ හමුදා කඳ­වුරේ හිටපු අණ­දෙන නිල­ධාරි ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමා­ජි­ක­යන් නව දෙන­කුට එරෙහි පවරා ඇති නඩුව කොළඹ විජේ­රාම පාරේ අලු­තින් ස්ථාපිත මහා­ධි­ක­ර­ණ­යේදී ඊයේ (04දා) විභා­ග­යට ගැනිණි.

අධි­ක­රණ ක්‍රියා­ව­ලිය කඩි­නම් කිරීමේ අර­මු­ණින්, හිටපු ඇමැ­ති­ව­රුන් පරි­හ­ර­ණය කළ නිල නිවාස කිහි­ප­යක් මහා­ධි­ක­රණ බවට පත් කෙරිණි. ඒ යටතේ කෙහෙ­ළිය රඹු­ක්වැල්ල සෞඛ්‍ය ඇමැති ධුරයේ කට­යුතු කළ සමයේ භාවිත කළ නි‍ෙවස මහා­ධි­ක­ර­ණ­යක් බවට පත් කෙරුණු අතර, එහි විභා­ග­යට ගත් දෙවැනි නඩුව මෙයයි.

එක්නැ­ලි­ගොඩ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ නඩුවේ විනි­සු­රු­ව­ර­යකු ලෙස කට­යුතු කළ සුජීව නිශ්ශංක මහතා, කෙහෙ­ළිය රඹු­ක්වැ­ල්ලට විරු­ද්ධව පවරා ඇති බාල බෙහෙත් නඩුවේ විනි­සු­රු­ව­ර­යකු ලෙස කට­යුතු කරයි. එම නඩුව දින­පතා විභා­ග­යට ගැනෙන බැවින් එක්නැ­ලි­ගොඩ නඩුව විභා­ග­යට ගැනීම අවස්ථා කිහි­ප­ය­කදී කල්ගි­යේය.

මෙම නඩුවේ පූර්ව­ගාමී විනි­සු­රු­ව­රුන් වන මහේන් වීර­මන් මහතා විශ්‍රාම ලැබූ අතර ආචාර්ය නාමල් බලල්ලේ මහතා වැඩ තහ­න­ම­කට ලක් විය.

මේ හේතුව මත නඩුව විභාග කිරීම සඳහා අග­වි­නි­සුරු ප්‍රීති පද්මන් සූර­සේන මහතා විසින් නව විනි­සුරු මඬු­ල්ලක් පත් කරන ලදි.

ඒ අනුව නයන සෙන­වි­රත්න, නලින් හේවා­ව­සම් සහ ලක්මාලි හේවා­ව­සම් යන මහත්ම මහ­ත්මීන් හමුවේ ඊයේ (04දා) නඩුව කැඳ­විණි. පැමි­ණිල්ලේ 79 සහ 84 වැනි සාක්ෂි­ක­රු­වන් වන ඉන්දිකා සුරංගි හා ආර්.ඩී. ශානිකා විජේ­සිංහ යන අයට මීළඟ නඩු දින අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී සිටී­මට සිතාසි නියම විය. නඩුව ලබන 8දා සිට සති­පතා විභාග වේ.

ඉකුත් 2010 වසරේ ජන­වාරි මස 25දා හෝ ඊට ආසන්න දින­ය­කදී ගිරි­තලේ, හබ­රණ හා කොට්ටාව යන ප්‍රදේ­ශ­ව­ලදී විත්ති­ක­රු­වන් තවත් නම් නොදත් පිරි­සක් සමඟ එක්ව රහ­සි­ග­තව සිර­කර තැබීමේ අර­මු­ණින් මාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ පැහැ­ර­ගෙන යෑම හා මර­ණය සිදු­කි­රීම යන චෝදනා යටතේ නීති­ප­ති­ව­රයා විසින් දණ්ඩ නීති සංග්‍ර­හයේ 102 සමඟ කිය­විය යුතු 356, 140, 146 සමඟ කිය­විය යුතු 356, 356, 146, 359, 32, 102 හා 113 ආ සමඟ කිය­විය යුතු 355, 32 සමඟ කිය­විය යුතු 355 හා 32 සමග කිය­විය යුතු 296 වගන්ති ප්‍රකා­රව විත්ති­ක­රු­වන්ට එරෙ­හිව කොළඹ ස්ථිර ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය හමුවේ අධි චෝදනා 17ක් ගොනු කර ඇත.

නඩුවේ විත්ති­ක­රු­වන් ලෙස ගිරි­තලේ හමුදා කඳ­වුරේ අණ­දෙන නිල­ධාරි ලුති­නන් කර්නල් ෂම්මි කුමා­ර­රත්න, ඩබ්ලිව්.ඩී. උප­සේන (සුරේෂ්), ආර්.එම්.පී.කේ. රාජ­පක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූප­සේන (රංජි), චමින්ද කුමාර අබේ­රත්න, කනිෂ්ක ගුණ­රත්න, අයි­යා­සාමි බාල­සු­බ්‍ර­ම­නි­යම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමා­ජි­ක­යන් නව දෙනකු නම් කර තිබේ. නියෝජ්‍ය සොලි­සි­ටර් ජෙන­රාල් වසන්ත පෙරේරා පැමි­ණිල්ල මෙහෙ­ය­වීය.

අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් ජනා­ධි­පති නීතිඥ උපුල් කුම­ර­ප්පෙ­රුම මහතා පෙනී සිටි අතර විත්තිය වෙනු­වෙන් නීතිඥ රසික බාල­සූ­රිය ඇතුළු නීතිඥ මඬු­ල්ලක් පෙනී සිටිති. නඩු විභා­ගය සිදු­වන අව­ස්ථාව දැක­බලා ගැනී­මට අන්ත­ර්ජා­තික මානව හිමි­කම් සංවි­ධාන කිහි­ප­යක නියෝ­ජි­තයෝ අධි­ක­ර­ණ­යට පැමිණ සිටි­යහ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka