gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වින්දිත දැරියට නින්දිත ප්‍රකාශයක් කළ සත් ගුණවත් දිලුම් අමුණුගමව වහාම අත්අඩංගුවට ගන්නැයි කියයි

අනුරාධපුර ළමා හිංසන නඩුවේ වින්දිත දැරිය ගණිකාවක් ලෙස හැඳින් වූ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දිළුම් අමුණුගම අත්අඩංගුවට ගන්නැයි ළමා හිංසනයට තිත සංවිධානය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට හා ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇත.

දිළුම් අමුණුගම මෙහිදී පැහැදිලිවම කරන්නේ වින්දිත දැරියට බලපෑමක් යැයි එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය තුෂ් වික්‍රමනායක පවසයි.

වින්දිතයන් හා සාක්ෂිකරුවන් සුරැකීමේ පනතට අනුව එය අපරාධමය වරදක් යැයි ද එනිසා නීතිය අනුව කඩිනමින් ක්‍රියාත්මක වන ලෙස ළමා ආරක්ෂක අධිකාරියට හා පොලිස් කාර්යාංශයට බල කරන්නේ යැයි ද වෛද්‍යවරිය කීය.

ඇය මෙසේ ද කීය.

“අප මේ පෙනී සිටින්නේ දරුවා වෙනුවෙන්. අපරාධය කවුරු කළත් අපරාධයක්. සහ කම්පනයක් ඇති හදවතේ දයාවක් ඇති සමාජයක යුතුකම වන්නේ වින්දිත දැරිය වෙනුවෙන් පෙනීසිටීමයි. නමුත් මේ සිදුවන විගඩම් හා නීතිය ක්‍රියාත්මක වීමේ දුර්වලතාව නිසා සැකකාර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට විශේෂ සැලකිල්ලක් දක්වන බව පෙනෙනවා. අපි ගරු කරන්නේ අටමස්ථානයට. අප ප්‍රශ්න කරන්නේ බලය පාවිච්චි කරන හේමරතන නමැති පුද්ගලයාවයි. මෙතන අපට ආගම සම්බන්ධයෙන්වත් සංඝ ශාසනය සම්බන්ධයෙන්වත් ගැටලුවක් නෑ. ගැටළුව ඇත්තේ සැකකරුවකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට උදාසීන වන ආයතන සම්බන්ධයෙන්. එනිසා ළමා ආරක්ෂක අධිකාරියත් පොලිසියත් වටේ යන්නෙ නැතිව කඩිනමින් ක්‍රියාත්මක වන්න”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka