අපේ අටමස්ථානාධිපති හිමි අත්අඩංගුවට අරන් තියෙන්නේ ගණිකාවකගේ ප්‍රකාශයක් මත... - දිලුම් අමුණුගම
“අටමස්ථානාධිපති හිමි ගණිකාවකගේ ප්‍රකාශයක් මත අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ඇතැ” යි සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු දිලුම් අමුණුගම පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු විසින් කළ මෙම ප්‍රකාශය හරහා ගණිකාව ලෙස හඳුන්වා දී ඇත්තේ අටමස්ථානාධිපති පල්ලේගම හේමරතත හිමි විසින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව සඳහන් කළ 15 හැවිරිදි බාලවයස්කාර දැරිය බව පැහැදිලි වනවා.
එම බාලවයස්කාර දැරිය තමන්ව මුලින් ම ලිංගික අපරාධයකට ලක් කළේ, අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක බව ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කළ බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබුවා.
කෙසේ නම්ත් දිලුම් අමුණුගම වැනි අය විසින් අටමස්ථානාධිපති හිමිනම සතු සමාජ බලය මත හා ආගමික සංස්ථාව නියෝජනය කිරීම මත හිඳ මෙලෙස බරපතල බාලවයස්කාර ලිංගික අපයෝජන ක්‍රියාවලියක වින්දිතයෙකු නැවත වාචිකව ‘ගණිකාව’ කියමින් අපයෝජනයට ලක්කිරීම බරපතල ඛේදවාචකයක් වනවා.
විත්තිකරුගේ සමාජ බලය හේතුවෙන් මෙවැනි ප්‍රකාශ ප්‍රසිද්ධියේ සිදු කිරීමත්, අත්අඩංගුවට ගැනීම් ආදී නීතිමය ක්‍රියාමාර්ගයන් ප්‍රමාද කරමින් විශේෂ කොට සැලකීමත් පැහැදිලිව අදාල වින්දිත දැරිය වෙත සිදු කරන බලවත් අසාධාරණයන් වන අතර, ඒ හරහා නැවත නැවතත් ඔප්පු වන්නේ මෙරට බලය හා ආගමික සංස්ථාව සතු රාජ්‍ය නීතිය ද ඉක්මවා යන බලය නොවේද?
මේ පුවත තව අයට බලන්න
අපේ අටමස්ථානාධිපති හිමි අත්අඩංගුවට අරන් තියෙන්නේ ගණිකාවකගේ ප්‍රකාශයක් මත... - දිලුම් අමුණුගම
2026-05-20T14:17:00+05:30
Gossip Lanka Hot News






