gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වංචාවක් ගැන දිලිත්ගෙන් ප‍්‍රශ්ණ කරයි... රෙනෝත් කැදවයි!

2010 - 2015 කාලසීමාව තුළ කොළඹ කොටස් වෙළඳපොළේ සිදු වූයේ යැයි සැක කෙරෙන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අද (12) සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) වෙත කැඳවා තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ කොටස් වෙළඳපොළ තුළ සිදු වූ බව කියන වංචනික ක්‍රියාවන් මෙම පරීක්ෂණයේ ප්‍රධාන අවධානයට ලක්ව ඇත.

අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මන්ත්‍රීවරයාගෙන් අද දින ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතය.

මෙම විමර්ශනයට අදාළව ඉදිරි දින කිහිපය තුළ නිමල් පෙරේරා මහතා, රෙනෝ ද සිල්වා මහතා, අශෝක් පතිරගේ මහතා, තරංග තෝරාදෙණිය මහතා ඇතුළු  තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් පිරිසක් කැඳවා ඇති බව වාර්තා වේ. 

මෙම කැඳවීම් සිදු කර ඇත්තේ කොටස් වෙළඳපොළේ විනිවිදභාවය සහ මූල්‍ය රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පුළුල් විමර්ශනයක කොටසක් වශයෙනි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka