gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අවසන් කටයුතු අද ; මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලීමක්

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වූ සිද්ධියට වැඩතහනමට ලක්ව සිටියදී මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද කුලියාපිටිය පහළ වීරඹුව පොදු සුසාන භූමියේදී සිදුකරන ලදී.

ඔහු පසුගිය අප්‍රේල් 30වැනිදා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.

මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වූ සිව්දෙනාගෙන් සමන්විත කමිටුවක් විසින් එම මරණය ඔහු විසින් සිදුකරගනු ලැබූ තුවාල මත සිදුවූ දිවි නසාගැනීමක් බව ඊයේ (1) තහවුරු කරන ලදී.

වැඩ තහනමට ලක්වන විට රංග නිශාන්ත රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

මේ අතර, මියගිය මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බව දිනන දකුණ සංවිධානයේ සාමාජික නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ මුදල් වංචාව මාස 4ක් පුරා වසන් කිරීම තුළ බරපතළ සැකයක් මතුව ඇති බවය.

එනිසා ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මේ සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) සිදුකරන ලෙස ඉල්ලා සිටින බවද ශිරාල් ලක්තිලක මහතා මෙහිදී ඉල්ලා සිටියේය. 



gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka