gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊයේ රෑ අසර්බයිජානයේ සිට රටට කුදලාගෙන පැමිණි කවුද මේ බටුවත්තේ චාමර…

බටුවත්තේ චාමර   ඊයේ  රාත්‍රියේ ලංකාවට කුදලාගෙන ආවේය.  අසර්බයිජානයේදී අත්අඩංගුවට ගනු ලැබූ  ඔහු ඉන්දියාවේ නව දිල්ලි නුවර හරහා  ඊයේ රාත්‍රියේ ලංකාවට ගෙනාවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙනි. බටුවත්තේ චාමර  රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැබෑ නම මනෝජ් සුරංග ලියනගේය.  කාලයක් තිස්සේ මෙරට ආරක්ෂක අංශ මගහරිමින් විදෙස් රටවල සැඟවී සිටි මේ අපරාධකරු  දීර්ඝ කාලයක් තිස්සේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිට මීට වසරකට පමණ පෙර අසර්බයිජානය වෙත පළා ගොස් සිටියදී මෙලෙස එරට ආරක්ෂක අංශ භාරයට පත්ව තිබුණි. අනතුරුව මෙම අපරාදකරු ගෙන්වා ගැනිම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියක් දියත් වුයේය.

ගුවන් තොටුපොළ වෙත රැගෙන ඒමෙන් අනතුරුව මෙම අපරාධකරු   අතිශය දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් පිටතට රැගෙන  ගියේය.  මේ වනවිට  බටුවත්තේ චාමර ඉන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේය.

මේ බටුවත්තේ චාමරය යනු මොකෙක්දැයි බොහෝ දෙනෙක් දන්නේය.  දීර්ඝ කාලයක් තිස්සේ විදේශගතව සැඟවී සිටිමින් ශ්‍රී ලංකාව තුළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවූ  කාලකණ්ණි ඉතිහාසයක් මෙම අපරාධකරුවාට තිබේ.

මොහු මෙරටට ටොන් ගණනින් ‘අයිස්’  (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය ගෙන්වා  බෙදාහැරීම් ජාලයේ සිටි ප්‍රධාන සැපයුම්කරුවෙක්  ලෙස හඳුනාගෙන තිබිණි.   ඔහුගේ  මත්ද්‍රව්‍ය මෙහෙයුම් හුදෙක් දේශීය මට්ටමකට පමණක් සීමා නොවූ අතර එය ජාත්‍යන්තර සබඳතා මත ගොඩනැගුණු දැවැන්ත ජාලයකට සම්බන්ධ වි තිබුණේය. ප්‍රධාන වශයෙන් මැලේසියාව හරහා ක්‍රියාත්මක වන මෙම ජාලය මගින් මුහුදු මාර්ග භාවිතා කරමින් අයිස් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඉන්දියාවේ ප්‍රකට ඊබ්‍රහීම් ඩාවුඩ් කල්ලිය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ අපරාධකරුවන් සමඟ ද මොහු සමීප සබඳතා පවත්වා ඇති බවට බරපතල චෝදනා පවතී. මීගමුව, පෑලියගොඩ, ගම්පහ, ජාඇල සහ රාගම යන ප්‍රදේශ කේන්ද්‍රකරගනිමින් ඔහුගේ බෙදාහැරීමේ ජාලය අතිශය සක්‍රීයව පවත්වාගෙන ගොස් ඇති අතර, මහා පරිමාණ ආර්ථික බලයක් සහිතව මෙම ජාවාරම මෙහෙයවා ඇත. මේ කාලකණ්ණියාගේ අපරාධ ඉතිහාසය අවුරුදු 25කට ආසන්නය.

බටුවත්තේ චාමර ලෙස පාතාලයට පැමිණීමට පෙර මනෝජ් සුරංග ලියනගේ නිරූපන ශිල්පියෙක් ලෙස ජීවිතය ගොඩ නගා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකි.  ඒ අතර ගිනි අවියක් සන්තකව තබා ගැනීමක් පිළිබඳ වූ නඩුවකට අදාලව බන්ධනාගාරගත වීමෙන් පසු    ගොඩනගා ගන්නා පාතාල සම්බන්ධතා මත සිය ගමන වෙනස් කරන මෙම පුද්ගලයා පාතාලයට ප්‍රවේශවන ආකාරාය හෙළිදරවු වන්නේය.   ජූඩ් ප්‍රියන්ත, කිඹුලාඇළේ ගුණා, පොට්ට නවුෆර් සහ ආනමාලු ඉමිතියාස් වැනි ප්‍රකට පාතාල නායකයන් සමඟ සමීප සබඳතා ඇති කරගත් ඔහු පසුකාලීනව කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත වැනි අපරාධකරුවන් සමඟ එක්ව කටයුතු කර ඇත.

තරමක් අප්‍රකට ස්වරූපයක සිටි මෙම පුද්ගලයාගේ නම කියැවෙන්නට පටන් ගන්නේ  ගනේමුල්ල සංජීව ඝාතනය  කිරීමෙන් පසුය. මෙම අපරාධය  පිටුපස ද බටුවත්තේ චාමරගේ නම කියැවිනි.  ආමි උපුල් සහ කුඩු සුනීතා යන අයගේ ඝාතන මෙහෙයවීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල විය. තවද, විදේශගතව සිටින ‘කුඩු දිලිනි’ නැමැති ජාවාරම්කාරිය සමඟ ඔහු සිදුකළ ගනුදෙනු පිළිබඳ හඬපට ද අනාවරණය වූයේය. මෑතක දී අතේ පත්තු වුන සිද්ධියක් වූ තුසිත හල්ලොලුවට වෙඩි තැබීමේ තිර පිටපතට අනුව වෙඩි තැබීම මෙහෙයවා තිබුණේත් බටුවත්තේ චාමරය. .

2026 වසරේදී ද බටුවත්තේ චාමරගේ ජාලය අඩපණ කිරීමට මෙරට ආරක්ෂක අංශ පියවර   ගත්තේය. අප්‍රේල් මාසයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් ඔහුගේ කල්ලියේ තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන රාගම පොලිසියට භාර දී තිබිණි.

පසුගිය කාලයේ ඔහුට එරෙහි පාතාල කල්ලිද ඔහුට එළිපිට තර්ජනය කරමින් සිටියේය.  2026 මාර්තු 7 වන දින ජාඇල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳ වන චතුරිකා වීරසූරියගේ නිවසට T-56 ගිනිඅවියකින් වෙඩි ප්‍රහාර 40කට අධික ප්‍රමාණයක් එල්ල විය. ප්‍රතිවාදී පාතාල කල්ලි සමඟ පවතින ගැටුම් මෙම ප්‍රහාරයට හේතු වී තිබිණි.  අදාළ නිවස එම අවස්ථාවේදී වැඩිහිටි නිවාසයක් ලෙස කුලියට දී තිබූ බව ද වාර්තා විය.

පසුගිය වසරේ (2024) සිට මේ දක්වා සංවිධානාත්මක අපරාධකරුවන් සහ ඔවුන්ගේ සහයකයින් 46 දෙනෙකුට වැඩි පිරිසක් මෙරටට රැගෙනවිත් තිබේ. රටම බලාගෙන ඉන්නේ මුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවන තුරුය.
-ඉඳුනිල් කහටපිටිය
lankasara 

චාමර රටට ගෙනා අයුරු…


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka