gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විද්‍යා ඝාතන නඩුවේ දෙවන විත්තිකරුගේ සිරුර බාරගැනීම බිරිඳ ප්‍රතික්ෂේප කරයි: රජයේ වියදමින් මිහිදන් කෙරේ!

යාපනය බන්ධනාගාරය තුළදී ගෙළ වැළලාගෙන මියගිය, විද්‍යා දැරිය ඝාතන සිද්ධියට සම්බන්ධ දෙවන විත්තිකරුගේ මළ සිරුර බාර ගැනීම ඔහුගේ බිරිඳ විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මේ හේතුවෙන් එම සිරුර රජයේ වියදමින් මිහිදන් කිරීමට (25) සවස තීරණය කර ඇත. විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කොට මරා දැමීමේ සිද්ධියෙන් පසුව, මෙම විත්තිකරුගේ බිරිඳ ඔහුව බැලීමට එදා සිටම බන්ධනාගාරය වෙත යාමද ප්‍රතික්ෂේප කර තිබුණි. ඊට හේතුව වශයෙන් ඇය මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ, මේ අන්දමේ නරුමයෙකු සිය සැමියා වීම ගැන ඇය මහත් සේ කම්පා වන බවය.

මෙසේ සියදිවි හානි කරගෙන ඇත්තේ 46 හැවිරිදි පූපාලසිංහම් ජයකුමාර් නැමති අයෙකි. තමන්ට පනවා තිබූ මරණීය දණ්ඩන තීන්දුව වෙනස් කරන මෙන් අභියාචනාධිකරණයට ගොණු කළ පෙත්සම මගින්ද යළිත් එම දඬුවමම ස්ථිර කිරීමට තීන්දු කර තිබුණි. ඉන් පසුව දැඩි සිත්තැවුලෙන් සිටි මෙම විත්තිකරු බන්ධනාගාරය තුළදී ගෙළ වැලලාගෙන මියගොස් සිටියදී ඔහුගේ මළ සිරුර හමු වී තිබේ.

ශ්‍රේෂාධිකරණය විසින්  මහලිංගම් සශී කුමාර් හෙවත් ස්විස් කුමාර්, මේ වන විට සියදිවි නසාගෙන සිටින පූබාලසිංගම් ජය කුමාර්, තිලයිනාදන් චන්ද්‍රහාසන් හෙවත් චන්ද්‍රා සහ, සිවතේවන් තුසිතන් හෙවත් පෙරියතම්බි යන විත්තිකරුවන් හතර දෙනාගේ මරණීය දණ්ඩනය තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබිණි.

මෙම නඩුවට අදාළව මරණීය දණ්ඩනය නියම වී සිටි තවත් විත්තිකරුවකු වන පූබාලසිංහම් තේවකුමාර් හෙවත් සෙන්දිල් නමැත්තා ද මීට පෙර මියගොස් තිබේ.

-දිනසේන රතුගමගේ
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka