gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තාබුගල නඩුවෙන් නිදහස් කරයි.. විදෙස් ගමන් තහනමත් ඉවතට..

අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල මහතා හෙලිකොප්ටර් යානයක් මිලදී ගැනීමේ ගනුදෙනුවකදී රුපියල් මිලියන 70 ක  මූල්‍ය වංචාවක් සිදුකළ බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවරා තිබූ නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය අද (22) තීන්දු කළාය.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම සැකකරුට එරෙහිව අපරාධමය නඩුවක් පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බැවින් ඔහුව නිදහස් කරන බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය. 

මීට අමතරව, ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට අධිකරණය පියවර ගත්තේය.

තාඹුගල මහතා වෙනුවෙන් පෙනී සිටි  නීතිඥ උපාලි ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම චෝදනාව පදනම් විරහිත මෙන්ම තරහ පිරිමසා ගැනීමක් වශයෙන් ගොනු කරන ලද්දක් බවයි. 

එකල සිටි ප්‍රබල දේශපාලනඥයන් පිරිසක් තම සේවාදායකයා සමඟ පැවැති පෞද්ගලික අමනාපකම් මත මෙම නීතිමය ක්‍රියාමාර්ගය මෙහෙයවා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙම සිදුවීම් මාලාවට අදාළව, විරංජිත් තාඹුගල මහතා විසින් මීට පෙර මහේස්ත්‍රාත්වරිය හමුවේ රහසිගත ප්‍රකාශයක් ද ලබා දී තිබුණි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka