gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුදල් ලේකම් හර්ෂණ කියන්නේ ජාතික වස්තුවක්... වැටුණු ආර්ථිකය ගොඩ දැම්මේ ඔහුයි - බිමල්

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා යනු මේ රටට හිමි වටිනා වස්තුවක් බවත්, බිඳ වැටුණු මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔහු සුවිශේෂී කැපකිරීමක් සිදු කළ බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.

ස්වර්ණවාහිනී නාලිකාවේ ‘රතු ඉර’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ලෝකයේ සෙසු රටවල් පවා ආර්ථික අර්බුද හමුවේ දැඩි පීඩාවට පත්ව සිටින පසුබිමක, ලංකාවේ බිඳ වැටුණු ආර්ථිකය වර්තමාන තත්ත්වයට ගෙන ඒම සඳහා ජනාධිපතිවරයා සහ අමාත්‍ය අනිල් ජයන්ත මහතා සමඟ එක්ව හර්ෂණ සූරියපෙරුම මහතා විශාල කාර්යභාරයක් ඉටු කළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය වැනි රටවල් තවමත් ඉන්ධන පෝලිම් සහ පාසල් වැසී යාම වැනි ගැටලුවලට මුහුණ දී සිටින අතර, ලංකාව එම තත්ත්වයෙන් මුදා ගැනීමට මෙම නිලධාරීන්ගේ විශේෂ කැපවීම හේතු වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය ජනවාරි මාසයේදී සිදු වූ බව කියන වැරදි ගෙවීම් සම්බන්ධයෙන් මුදල් කාරක සභාව හමුවේ කරුණු පැහැදිලි කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කර ඇති බව අමාත්‍යවරයා සිහිපත් කළේය. 

යම් යම් මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බව පිළිගන්නා අතර, ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මට්ටමින් මෙන්ම පොලිසිය මාර්ගයෙන්ද විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.

විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් එල්ල කරන විවේචන ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ, දූෂිතයන්ට තොරතුරු ලැබීම වැළැක්වීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවයි.

පාර්ලිමේන්තු මුදල් කාරක සභාව යනු ඉතා වැදගත් වගකීමක් සහිත ආයතනයක් වන අතර එය දේශපාලන පොරපිටියක් බවට පත් කර නොගත යුතු බව බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

රටේ සෑම රාජ්‍ය ආයතනයකම සිදුවන මූල්‍ය කටයුතු පිළිබඳ සොයා බැලීමට මුදල් කාරක සභාවට ව්‍යුහාත්මක හැකියාවක් නොමැති බවත්, ඒ සඳහා විගණකාධිපතිවරයාට පූර්ණ බලය පවතින බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රාජ්‍ය මූල්‍ය විනය තහවුරු කිරීම සඳහා වත්මන් රජය කැපවී සිටින බවත්, ඕනෑම වංචාවක් හෝ දූෂණයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ පවත්වා දඬුවම් ලබා දීමට පසුබට නොවන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka