gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජයේ මුදල් මිලියන 7.8 කින් මහින්දගේ රුව සහිත ටීෂර්ට් ප්‍රින්ට් කරලා – බැසිල් අත්අඩංගුවට ගන්න අධිකරණය නියෝග කරයි

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 7.8 ක මුදලක් ඌව පළාත් සභා මැතිවරණයට ප්‍රචාරණ කටයුතු කිරීම සම්බන්ධ චෝදනාවකට අදාළව, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කරනු ලැබුවා.

ඒ අනුව, හිටපු ඇමති බැසිල් රාජපක්ෂ, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු සභාපති භාෂ්වර ගුණරත්න,  සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර් යන සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා ඊයේ (29) පැවති නඩුවාරයේ දී නියෝග කළ‍ේ

2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ මුදල් භාවිතා කර සංචාරක ප්‍රචාරක කටයුතු ලෙස පවසමින් රුපියල් මිලියන 7.8 ක මුදල එක්පසෙක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පින්තූරය සහ අනෙක් පස ප්‍රධාන දේශපාලන පක්ෂයක නම භාවිතා කරමින් ටී ෂර්ට් දොළොස් දාහක් මුද්‍රණය කර මොනරාගල දිස්ත්‍රික්කයේ පැවති රැලියක් සඳහා ‌බෙදාහැර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස අධිකරණයට දන්වනු ලැබුවා.

කෙසේ නමුත්, එම සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් පදිංචිව සිටින ස්ථානවලට ගිය නමුත් ඔවුන් එම ප්‍රදේශ අත්හැර ගොස් ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ.

කෙසේ නමුත්, නීතිපති උපදෙස් මත පොදුදේපල පනත යටතේ සැකකරුවන් ලෙස නම්කරන බව මෝසමක් මාර්ගයෙන් අධිකරණයට දැන්වීමෙන් අනතුරුව එම සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, ඔවුන්ට විදෙස් ගමන් තහනමක් පනවන ලෙසත්, මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka