gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කපිල චන්ද්‍රසේන මියගිය අරවින්ද ගේ නිවසේ CCTV කැමරා තිබ්බත් පටිගත වන දර්ශන නෑ - පොලිසිය හැමෝගෙම වීඩියෝ සොයාගනී!

කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මිය ගොස් සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට අයත් නිවසේ ආරක්ෂ කැමරා පද්ධතියේ දත්ත ගබඩාවී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාස විමර්ශන නිලධාරීන් ඊයේ  (14) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දුනනා.

 එම නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයේ පැවතියද, එහි දත්ත ගබඩාවීමක් සිදුනොවන බව විමර්ශනයේදී අනාවරණය වූ බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
ආසන්න නිවාස 02ක CCTV කැමරා පද්ධතිවලින් දර්ශන සිය භාරයට ගෙන ඇති බව විමර්ශන නිලධාරියා ප්‍රකාශ කළා.

අදාළ නිවසට ප්‍රවිෂ්ටවීමට එක් ප්‍රවේශ දොරටුවක් පමණක් ඇති බවට පිළිතුරු දුන් විමර්ශන නිලධාරියා සඳහන් කළේ, නිවසට ඇතුල්වන සහ පිටවන පුද්ගලයින් සම්බන්ධයෙන් වූ දර්ශන දැනට සිය භාරයට ගෙන ඇති CCTV දත්ත පද්ධතිය තුළ ඇතුළත් බවයි.

ආසන්න නිවාස 02ක CCTV කැමරා පද්ධතිවලින් 2026 මැයි 06 වැනිදා සිට මැයි 08 වැනිදා දහවල් දක්වා වූ කාලයට අදාළව ඉදිරිපස හා පැති දර්ශන පොලිසිය සොයාගෙන තිබුණා.
මෙහිදී කපිල චන්ද්‍රසේන මහතාගේ නිවසේ සිට අරවින්ද සිල්වාගේ නිවසට කපිල චන්ද්‍රසේනගේ ඇඳුම්, බෙහෙත් සහ බෙල්ට් පටිය ඇතුළත් බෑගය රැගෙන ගිය අරවින්ද ද සිල්වාගේ රියදුරන් දෙදෙනාගෙන්ද සාක්ෂි සටහන් කරගනු ලැබුවා.
 වැඩිදුර සාක්ෂි විමසීම මැයි 19 වැනිදා පැවැත්වෙනවා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka