gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

VENEZIA - NEGOMBO

VENEZIA - NEGOMBO
අනුමැතිය ගන්නත් පෙර ජනතාවගෙන් මුදල්ගත් මීගමුවේ VENEZIA ඇතුලු ප්‍රයිම් ලෑන්ඩ්ස් ව්‍යාපෘති කිහිපයක වැඩ කොට උඩ.. මිගමුව කලපුවේ කඩොලාන පද්ධතියත් අනතුරේ.. නිසි අනුමැති ලබාදීමට ඇති ගැටලු හා ප්‍රදේශවාසීන්ගේ විරෝධතා ඇතුළු කරුණු හේතුවෙන් ජනතාවට නිවාස ලබාදෙන බවට පොරොන්දුවී ප්‍රයිම් ලෑන්ඩ්ස් ආරම්භ කරන ලද නිවාස ව්‍යාපෘති කිහිපයකම ප්‍රශ්න ඇතිවී ඇති බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් නිවාස ඉදිකිරීම් සමාගම් විසින් නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර නාගරික සංවර්ධන අධිකාරියෙන් ප්‍රාරම්භක සැලසුම් අවසරය (Preliminary Planning Clearance) ලබා ගැනීම මුලින්ම සිදුකරනු ලබයි.

එම සැලැසුමට අනුව උපරිම තට්ටු ගණන, ඉදිකිරීමට අවශ්‍ය පාරේ පලල අදී ප්‍රධාන සාධකවලට අවශ්‍ය කොන්දේසි ඇතුළු මූලික අනුමිතීන් තීන්දුවේ.

කෙසේවුවද, ඉන්පසුව එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා අවශ්‍ය වන සංවර්ධන බලපත්‍රය මසක් දෙකක් ඇතුළත ලබා ගනිමින් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

ලේක් ඩ්‍රයිව් හි The Golf

රාජගිරිය ලේක් ඩ්‍රයිව් හි The Golf තට්ටු 12කින් සමන්විත නිවාස ව්‍යාපෘතියක් වන අතර එහි නිවසක් මිලකර ඇත්තේ මිලියන 95.5කටය. නිවාස ගණන 64කි. ප්‍රයිම් රෙසිඩන්සීස් නිසි අනුමැතීන් ලබාගැනීමකින් තොරව ආරම්භ කිරීමට ගිය මේ නිවාස ව්‍යාපෘතියකට ප්‍රදේශයේ පදිංචිකරුවන් විරෝධය පල කිරීම නිසා මේ දක්වා එහි ඉදිකිරීම් සඳහා අත තැබීමට නොහැකිව තිබේ.

ප්‍රදේශිවාසීන් පෙන්වා දෙන්නේ ප්‍රයිම් මෙසේ තට්ටු 12ක ඉදිකිරීමක් සිදු කිරීමට සැරසෙන්නේ කුඹුරු ඉඩමක බවයි. අදාළ ප්‍රදේශයේ ඉඩම්වල ඉදිකළ හැකි උපරිම තට්ටු ප්‍රමාණය තුනක් බවත් ඔවුහු පෙන්වාදෙති.
අදාළ තත්ත්වය සම්බන්ධයෙන් අද දෙරණ මීට මාස 8කට පෙර පළ කරන ලද ප්‍රවෘත්තියක් පහත දැක්වේ.


ප්‍රයිම්ලා මෙවැනි ව්‍යාපෘතිවල නිවාස විකුණා ඇත්තේ පිටරටවල රැකියාවේ නිරත හෝ පිටරටවල දීර්ඝ කාලයක් පදිංචි අය මුලාවට පත්කරමින් බවද පැවසේ.

ඔවුන් මේ නිවාස විකිණීට ත්‍රීඩී සැලැසුම් හා විදෙස් රටවල සිදුකරනු ලබන විවිධ වෙළඳ ප්‍රචාරණ වැඩසටහන් හරහා මේවා විකුණා ඇති අතර එසේ නිවාස මිලදීගත් පාරි​භෝගිකයෝ මේ ඉදිකිරීම් සිදුකරන ඉඩම් සියැසින් දැක නැතැයි ද වාර්තා වේ.

නැත්නම් ප්‍රයිම් අදාළ ව්‍යාපෘතිවල නිවාස විකුණා ඇත්තේ පාරිභෝගිකයාට ඉඩම හෝ පෙන්වීමෙන් තොරවය.

මහාචාර්ය වංගු

ප්‍රයිම් ලෑන්ඩ්ස් සිය ඉඩම් විකිණීමේදී පාරිභෝගික විශ්වාසය තහවුරුකර ගැනීමට ඔවුන්ගේ ප්‍රයිම් රෙසිඩන්සීස් හි අධ්‍යක්ෂවරුන් ලෙස කීර්තිමත් පුද්ගලයින් වන මහාචාර්ය ආනන්ද ජයවර්ධන, මහාචාර්ය සම්පත් අමරතුංග, ධම්මික කලපුගේ හා දීපාල් සූරියආරච්චි වැනි අය ප්‍රදර්ශන භාණ්ඩ ලෙස යොදා ගැනීම ද කලක සිට සිදුකරමින් සිටී. මොවුන් ප්‍රයිම් හි අධ්‍යක්ෂවරුන් බව පාරිභෝගිකයන්ට පැවසුවද ඔවුන් වැටුප් ලබන අධ්‍යක්ෂවරුන් වෙති.

මිගමුවේ VENEZIA

මේ අතර මිගමුවේ VENEZIA ෆ්‍රයිම් ලැන්ඩ් ව්‍යපෘතිය⁣ට අදාලව නිසි අනුමැතිය ගතයුතු  ආයතන බොහොමයකින් නිසි අවසර ගෙන නැතැයි එහි ප්‍රධානින් ප්‍රකාශ කර සිටියහ. කඩොලාන සහිත මිගමුව කලපුවේ සංවේදී පරිසර පද්ධතියට අදාලව නිසි අනුමැතිය ලැබී නොමැති නිසා දැනටමත් ගැටලු රැසක් බලපා ඇතැයිද වාර්තාවේ.



සඳමිනිගේ අලුත් වන්ඩිය


මේ අතර, ප්‍රයිම් ලෑන්ඩ්ස් හි සම සභාපතිනිය වන සඳමිනි පෙරේරා පසුගිය දා මර්සිඩීස් බෙන්ස් සමාගමින් මිලදී ගත් අලුත්ම මෝටර් රථය ගැන ද නිවාස මිලදීගත් පාරිභෝගිකයන්ගේ අවධානයට යොමුව තිබේ.

ඇය මෙසේ මිලදී ගෙන තිබුනේ Mercedes Maybach GLS 600 Night Series 2026 මෝටර් රථයකි.එහි වෙළඳ​පොළ වටිනාකම රුපියල් මිලියන 255ක් පමණ වන බව පැවසේ.

ප්‍රයිම් – HNB Financ හවුල 

මේ අතර, ප්‍රයිම් ලෑන්ඩ්ස් හි නිවාස ව්‍යාපෘති වැඩි ප්‍රමාණයකට HNB Finance මුදල් පොම්ප කිරීම සම්බන්ධයෙන්ධ කේෂත්‍රයේ කතාබහක් මතුව ඇත.

ඒ HNB Finance හි කළමානාකාර අධ්‍යක්ෂවරයා හා ප්‍රධාන විධායක නිලධාරියා වන ප්‍රභාත් චමින්ද, ප්‍රයිම් හි සම සභාපතිනිය වන සඳමිනි පෙරේරාගේ සැමියාවීම නිසාය.

නිවාස ගැනුම්කරුවන් සඳහා ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් හඳුන්වා දුන් මතභේදාත්මක දේපළ වෙළඳාම් මූල්‍යකරණ ආකෘතියක් වන ප්‍රයිම්මැක්ස් සම්බන්ධයෙන් ද පසුගිය කාලයේදී මාධ්‍ය වාර්තා කිහිපයක්ම පලව තිබිණි.

එම සැලැසුම ගැනුම්කරුවන් සහ HNB ෆිනෑන්ස් තැන්පත්කරුවන් යන දෙදෙනාම සැලකිය යුතු මූල්‍ය අවදානමකට ලක් කර ඇති බවට එහිදී චෝදනාවක් එල්ලවී තිබිණි.


VENEZIA - NEGOMBO
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka