gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුජිබර් රහුමාන් අයිඑස් ත්‍රස්තවාදින්ට සම්බන්ධයි... ත‍්‍රස්ත විමර්ෂණ ප‍්‍රශ්න කිරීම පොලිස් ලොක්කෙක් නවත්තලා!

අද පැවති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන මම පොතක් ලිවීම පිළිබඳ අද මට විවිධ මඩ ප්‍රහාර එල්ල කරනවා.  

සලේ බේරා ගන්න පොත් ලියනවා.  රාජපක්ෂලා බේරා ගන්න පොත් ලියනවා යනා දී වශයෙන් මඩ ගහනවා.  නමුත් මගේ පොතේ නිගමනය වැරදියි. විවිධ කුමන්ත්‍රණ න්‍යායන්ට පිලිතුරු ලබා දුන්නු ආකාරය වැරදියි කියලා කවුරුවත්ම කියන්නේ නෑ.  ඒ නිසා පදනම් විරහිත පහර දීම් මගේ පොතේ නිරවද්‍යතාවයට ලැබෙන සහතික ලෙසයි මම සලකන්නේ. ඒකට බොහෝම පිං කියලා ඒ මඩ ප්‍රහාර එල්ල කරන හැමෝටම කියන්න කැමතියි.  වසර පහක් පුරා ඉතාම සැලසුම් සහගතව ගොඩ නැගූ මහ මොළකරු ප්‍රෝඩාව එක පොතකින් සුණු විසුණු වී යෑමේ වේදනාව අපට තේරුම් ගන්න පුළුවන්.

මුජිබර් රහ්මන් මන්ත්‍රිතුමා පසුගිය සෙනසුරාදා මාධ්‍ය හමුවක් පවත්වලා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම නමින් මා නිකුත් කළ පොත පිළිබඳ පච අහුරක් විසි කළා.  ඒ පච සියල්ලටම පිලිතුරු දීලා මේ පොත නිකුත් කිරීමෙන් මුජිබර් මන්ත්‍රිතුමාට හිත රිදුනේ ඇයි කියන එකත් පැහැදිලි කිරීම මගේ යුතුකමක්.

මලිත්ට ගැහුව්වාම චංචලා අඬන්නේ ඇයි කියලා කියමනක් තිබෙනවානෙ.  ඒ වගේ මාලිමා ආණ්ඩුවේ බොරුවක් හෙලිදරව් කළාම මුජිබර්ට රිදන්නේ ඇයි කියන ප්‍රශ්නය අහන්න වෙනවා.  ආණ්ඩුව බොරු කරනවා කියන එක හෙලිදරව් කරලා ආණ්ඩුව අසීරුතාවයට පත් වුණාම වඩාත්ම සතුටු වෙන්න ඕනෑ ප්‍රධාන විපක්ෂය.  ආණ්ඩුවේ බොරුව හෙලිදරව් කළාම ටිල්වින් සිල්වා, වසන්ත සමරසිංහ, සමන්ත විද්‍යාරත්න, නලින්ද ජයතිස්ස වගේ ආණ්ඩුවේ ලොක්කන් කලබල වීම අපට තේරුම් ගන්න පුළුවන්.    ඒත් ඇයි විපක්ෂයේ වගේ ඉන්න මුජිබර් මන්ත්‍රිතුමා කලබල වෙන්නේ?  ආණ්ඩුව අසීරුතාවයට පත් කරනවාට ප්‍රධාන විපක්ෂයේ මන්ත්‍රි කෙනෙක් අකැමැති නම් එතැන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා.  සජබෙ කොළ පාට තොප්පිය දාගෙන හිටියත් මුජිබර්ගේ හිස තවමත් තිබෙන්නේ ජවිපෙ කියන එකයි ඒකෙන් පේන්නේ.

1999 ජනාධිපතිවරණයේ දී අද සජබ ඉන්නා සාතිශය බහුතරය සහයෝගය ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට.  නමුත් මුජිබර් රහ්මන් මන්ත්‍රිතුමා සහය ලබා දුන්නේ එජාපයට නොවේ. ජවිපෙට.  ඒ තමයි මුජිබර් මන්ත්‍රිතුමාගේ හදවතේ පක්ෂය.  සජබ කියන්නේ තමන්ට මැතිවරණය දිනන්න ඕනෑ නිසා තමන් ඉන්නා පක්ෂයක් විතරයි.  ඇත්තටම හදවතින් ඉන්නේ ජවිපෙ එක්ක.  ඕකට තමයි ඩීල් දේශපාලනය කියන්නේ. තොප්පිය කොළපාට වුනාට හිස රතුපායටයි කියලා අපි කියන්නේ ඒකයි.

අයිඑස් ත්‍රස්තවාදින්ට මුජිබර් සම්බන්ධයි

ඒ විතරක් නොවේ.  පොලිස් ලොක්කෙක් මුජිබර්ව පොලිස් විමර්ශනයකින් බේරා ගත්තා.  2019 පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයේ දී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සොයා ගන්නවා ඉන්දියාවේ සිටින සෙයින් ෂාහන් නිසාම් නොහොත් සෙයින් මවුලානා නමැති අයිඑස් ත්‍රස්තවාදියා සමග මුජිබර් රහ්මන් සබඳතා පවත්වනවා කියලා.  සෙයින් මවුලානා කියන්නේ ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුකාරයෙක්.  මේ නිසා මුජිබර් රහ්මන් කියන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයාගෙන් ප්‍රශ්න කරන්න ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට අවශ්‍ය වෙනවා.  නමුත් පොලිස් ලොක්කෙක් මැදිහත් වෙලා ඒක නවත්වනවා.  සහරාන් මහ මොළකරු කිව්වාම මුජිබර්ට රිදෙන්නේ ඒ නිසා වෙන්නැති.

ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ ගුජරාත් ත්‍රස්ත විරෝධි බලකාය විසින් 2024 මැයි මාසයේ දී  ශ්‍රී ලාංකික අයිඑස් ත්‍රස්තවාදින් හතරදෙනෙක් අහමදාබාද් නගරයේ දී අත්අඩංගුවට ගන්නවා.  ඒ අය ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කරමින් ඉන්නා අතරේ අත්අඩංගුවට ගන්නේ.  මේ අය කලින් සහරාන්ගේ ජාතික තව්හීද් ජමාත් සාමාජිකයෝ.  මේ අයත් මුජිබර් රහ්මන් සබඳතා පවත්වන සෙයින් මවුලානා සමග සම්බන්ධතා පවත්වලා තිබෙනවා.

සහරාන් පිළිබඳ සෙවීම 2016 දී නැවැත්තුවේ මුජිබර්. මුජිබර්ගේ අතේ පාස්කු ලේ

මුජිබර් මන්ත්‍රිවරයා අන්තවාදි ත්‍රස්තවාදින් බේරා ගන්න ඉදිරිපත් වුණු පළමු අවස්ථාව මේක නොවේ.  2016 නොවැම්බර් 18 දා එවකට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට මුස්ලිම් අන්තවාදය ගැන වැදගත් අනාවරණයක් කළා.  ඒ තමයි ලාංකිකයින් 32ක් අයිඑස් ත්‍රස්තවාදය වෙනුවෙන් සටන් කිරීමට සිරියාවට ගිහින් ඉන්නා බව.  ඒ වගේම ලංකාවේ ඉස්ලාම් අන්තවාදයක් පැතිරෙමින් පවතින බවට එතුමා අනතුරු ඇඟෙව්වා.  එතුමාට ඒ කතාව කරන්න අවශ්‍ය තොරතුරු ලැබුණේ බුද්ධි අංශ වලින්. 

එදා ඒ කතාවේ කියූ කරුණු ගැන සොයා බැලීමක් කළා නම් 2019 දී පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න තිබුණා.  නමුත් ඒ වෙනුවට කලේ මුජිබර් රහ්මන් මන්ත්‍රිවරයා විජේදාස ඇමතිතුමාට කොරහේ කිඹුලන් දකිනවා. මුස්ලිම් සමාජයට බොරු චෝදනා නගනවා කියලා දැඩි ප්‍රහාරයක් දීලා එතුමාව නිහඬ කරනවා.  අවසානයේ දී අධිකරණ ඇමති ධූරයෙනුත් ඉවත් කරනවා. 

බුද්ධි අංශ නැගී එන මුස්ලිම් අන්තවාදය ගැන කරුණු වාර්තා කළත් මුස්ලිම් මන්ත්‍රිවරුන්ගෙන් එල්ල වුණු පීඩනය නිසා ඒ ගැන ආණ්ඩුවේ නිසි සැලකිල්ලක් යොමු වුණේ නෑ. ඒ නිසාම තොරතුරු තිබිය දී පාස්කු ප්‍රහාරය වැලැක්වීමට පියවර ගන්න බැරි වුණා කියලා විමර්ශන කොමිෂන් සභාවේ දී හෙලි වෙනවා.  මේ ගැන මගේ පොතේ පැහැදිලිව විස්තර කර තිබෙනවා.

මුජිබර් මන්ත්‍රිතුමා මගේ පොත් නිකුතුවෙන් පස්සේ භූමිතෙල් වැදුනු ගැරඬියෙක් වගේ දඟලන්නේ මගේ පොතෙන් යෝජනා කරන විධියට සමාජ අවධානය අප අතරේ සිටින ඇවිදින බෝම්බ වලට යොමු වුණොත් මුජිබර්ලාගේ අන්තවාදි ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යන්න බැරි වෙනවා.

මුජිබර් රහ්මන් මන්ත්‍රිතුමනි, 2016 දී මුස්ලිම් අන්තවාදය පිළිබද සහරාන්ලාට එරෙහිව ආණ්ඩුව පියවර ගන්නා එක නවත්වලා පාස්කු ප්‍රහාරයට පාර කැපුවේ ඔබයි.  පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය සෑම කෙනෙකුගේ ලේ ඔබේ දෑතේ ගෑවිලා ඉවරයි.  දැන් අන්තවාදයට විරුද්ධ වෙලා ඒ ලේ සෝදා ගන්න කාලය හරි කියලා අපි මුජිබර් මන්ත්‍රිතුමාට සිහිපත් කරනවා. තව තවත් අහිංසක මුස්ලිම් තරුණයින් අන්තවාදයට තල්ලු කරලා අපේ මව්බිම නැවත වතාවක් ලෙයින් තෙත් කරන්න එපා කියලා අපි ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

මුජිබර් කතා කරන්නේ පොත කියවන්නේ නැතිවයි

අවාසනාවට මුජිබර් මන්ත්‍රිතුමා මාධ්‍ය හමුව තියන්න කලින් මගේ පොත කියවලාත් නෑ.  මම පොත් නිකුතුවේ දී කළ කතාව අහලාත් නෑ.  අල්ලාහ් දෙවියන් විසින් මුජිබර් මන්ත්‍රිතුමාට ඇස් දෙකකුත් කන් දෙකකුත් දීලා එකම එක කටක් විතරක් දුන්නේ හොඳින් බලලා හොඳින් අහලා ඊට පස්සේ කතා කරන්න.

මගේ පොත කියවන්න.  මගේ පොතේ කරුණු සහ නිගමන වල වැරැද්දක් තිබෙනවා නම් මාධ්‍ය හමු පවත්වමින් පාළු ගෙවල්වල වළං බිඳින්නේ නැතිව මා සමග විවාදයකට එන්න කියලා මම මුජිබර් රහ්මන් මන්ත්‍රිතුමාට අභියෝග කරනවා.  මුජිබර් මන්ත්‍රිතුමාට වගේම මුජිබර් මන්ත්‍රිතුමා වගේ මාලිමාව රකිමින් විපක්ෂයේ වාඩි වී සිටින විපක්ෂයේ මාලිමා පාර්ශවයේ මන්ත්‍රිවරුන්ටත් ආණ්ඩු පක්ෂයේ ඉන්නා මාලිමා මන්ත්‍රිවරුන්ටත් ඒ අභියෝගය ඒ විධියටම ඉදිරිපත් කරනවා.  දැන් අපි මුජිබර්ගේ පච වැලට උත්තර දෙමු. 

සහරාන් තමයි කලේ කියන එක ගම්මන්පිල අමුතුවෙන් කියන්න ඕනෑ නෑ.  ඒක හැමෝම දන්නවා.  අපි සොයන්නේ සහරාන්ගේ පිටිපස්සෙන් හිටියේ කවුද කියන එකයි කියලා මුජිබර් මන්ත්‍රිතුමා කියනවා.  ඒ ප්‍රශ්නයට උත්තරේ තමයි පොතේ තිබෙන්නේ.  සහරාන්ට ප්‍රහාරය එල්ල කරන්න නියෝගය ලැබුණේ අයිඑස් මූලස්ථානයෙන්.  ප්‍රහාර මාලාව සම්පූර්ණයෙන් සැලසුම් කලේ සහරාන් කියන එක අදාළ සාක්ෂි වලින් උපුටා දක්වමින් මගේ පොතේ විස්තර කරලා තිබෙනවා.

විමර්ශන ඉවර වෙන්න කලින් මහ මොලකරු කිව්වේ කොහොමද?

විමර්ශන ඉවර වෙන්න කලින් ගම්මන්පිල සුරේෂ් සලේ මහ මොලකරු නොවෙයි කියන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරනවා.  අද විමර්ශනයට නායකත්වය දෙන ශානි අබේසේකරම රංජන් රාමනායක එක්ක විමර්ශන කරලා ඉවරයි පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම සල්ලි විදයම් කළේ ඉබ්‍රාහිම් නානා කියලා කියන දුරකතන සංවාදයක් මේ දවස්වල සමාජ මාධ්‍යවල සංසරණය වෙනවා.  ජනපති අනුර තරමටම ශානිත් බොරු කියන්න ප්‍රසිද්ධ නිසා අපි ඒක පැත්තකින් තියමුකෝ. 

මේ මහ මොලකරු ප්‍රෝඩාව ආන්දෝලනයක් වුණාට පස්සේ ලංකාවේ ඇමෙරිකානු තානාපති මහින්ද සමරසිංහ මහතා ඇමෙරිකානු ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු කවුදැයි විමර්ශනයක් යළි කරන්න උදව් කරන්න කියලා.  මොකද ඒ අය කිව්වේ.  2022 අප්‍රේල් 7 වෙනි දා පිලිතුරු ලිපියක් එවමින් කිව්වේ අපි පුළුල් පරීක්ෂණයක් කරලා ඇමෙරිකාවේ දී නඩුවක් පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි සොයා ගත් නිසා තව දුරටත් පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන පැවැත්වීම නිශ්ඵල කටයුත්තක් බවයි.  මම ඒ ලිපියත් පොතට එකතු කරලා තිබෙනවා.

ඒ වගේම සුරේෂ් සලේ මහ මොලකරු කියන්නේ ශානිලා ගෙතූ කතාව බොරුවක් බව මුලින්ම කිව්වේ මම නොවේ. මේ චෝදනාව පිළිබද විමර්ශනය කරන්න පත්කරපු ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරු එස් අයි ඉමාම් මැතිතුමා සභාපති ධූරය දැරූ කමිටුවකින්.  ඒ කමිටුව කරුණු හතරක් ඉදිරිපත් කරලා තිබෙනවා.  මම සාක්ෂි සටහන් අධ්‍යනයේ දී තවත් කරුණු 7ක් සොයා ගත්තා.  ඒ කරුණු 11ම පොතේ දක්වා තිබෙනවා.  මුජිබර් මන්ත්‍රිතුමන්ලා මාධ්‍ය හමු පවත්වමින් අවුරුදු පහක් වැපුරූ බොරු වලට උත්තර දෙන්න තමයි මම පොත ලිව්වේ.  ඒ නිසා පොත කියවන්නේ නැතිව පොතේ පිටකවරය බලලා මාධ්‍ය හමු පැවැත්තුවාම මෙහෙම අකරතැබ්බ වෙනවා තමයි.

මුජිබර්ගේ කතාවේ පුද්ගලාලම්බන තර්කාභාසය

මම පිල්ලෙයාන්ගේ සහ සුරේෂ් සලේගේ නීතිඥයා නිසා පොතේ තිබෙන කරුණු සාධාරණ වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න කරනවා.  මම සුරේෂ් සලේගේ නීතිඥයා ලෙස කටයුතු කළ පමණින් මා කියන කරුණු පක්ෂග්‍රාහී කියන චෝදනාව වැරදි තර්කයක්.  ඕකට තර්ක ශාස්ත්‍රයේ කියන්නේ පුද්ගලාලම්බන තර්කාභාසය කියලා.  ඔබතුමාගේ සිංහල දැනුම දුර්වල නිසා මම ඒක ඉංග්‍රිසියෙන් කියන්නම්.  ඒකට ඉංග්‍රිසියෙන් කියන්නේ ඇඩ් හොමිනම් ෆැලසි (ad hominem fallacy) කියලා.  ඒක දෙමළෙන් කියන්න තරම් මගේ දෙමළ දැනුම ප්‍රමාණවත් නෑ.

මම මගේ පර්යේෂණය ආරම්භ කලේ 2024 ඔක්තෝම්බර් මාසයේ.  ඒ නිසා තමයි 2025 අප්‍රේල් මාසයේ පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් අත්අඩංගුවට ගන්න කොට ඕක බොරු චෝදනාවක් කියලා බය නැතිව කිව්වේ.  අද මම කිව්ව දේ ඔප්පු වෙලා ඉවරයි.  පිල්ලෙයාන්ව හරියටම අවුරුද්දක් රැඳවුම් නියෝග යටතේ තබාගෙන ඉඳලා අධිකරණයට ඉදිරිපත් කරද්දී පාස්කු ප්‍රහාරය පිළිබඳ කිසිම චෝදනාවක් ඉදිරිපත් කලේ නෑ.  ඒ නිසාම තමයි 2026 පෙබරවාරි මාසයේ සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තාම මේකත්  පිල්ලෙයාන්ව අත්අඩංගුවට ගැනීම වගේම ගෙතු කතා මත කල  අත්අඩංගුවට ගැනීමක් ලෙස මම බය නැතුව කිව්වේ.

ගම්මන්පිලගේ පොතේ තිබෙන්නේ සුරේෂ් සලේගේ කටඋත්තරයමයි

මම මාස 18ක් පර්යේෂණ කරලා පොතක් ලිව්වාම මුජිබර් කියනවා මගේ පොතේ තිබෙන්නේ සුරේෂ් සලේ විමර්ශන කොමිෂන් සභාවට ලබා දුන් ප්‍රකාශයමයි කියලා.  ඒකෙන් පේන්නේ මුජිබර් මගේ පොත කියවලා නැතිවා විතරක් නොවේ සුරේෂ් සලේගේ කටඋත්තරය කියවලාත් නෑ කියන එකයි.  සුරේෂ් සලේගේ කටඋත්තරයෙන් 100%ක් නොවේ, 5%ක් සුරේෂ් සලේගේ කටඋත්තරයමයි කියලා ඔප්පු කලොත් මට පොතෙන් ලැබෙන ආදායම මුජිබර් මන්ත්‍රිතුමාට ලබා දෙනවා.  ඉදිරි සති දෙක ඇතුලත මේ අභියෝගයට පිලිතුරු දේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

සුරේෂ් සලේ කොමිසම ඉදිරියේ සාක්ෂි දෙන්නේ 2021 දී.  රහස් පොලිසියට විවිධ අය ලබා දුන් ප්‍රකාශ වගේම එෆ්බීඅයි දිවුරුම් ප්‍රකාශය අපට ලැබුණේ ඊට පස්සේ.  ඒ නිසා සුරේෂ් සලේ කොමිසමට කියූ දේට වඩා පොතේ තිබෙන දේ බොහොම වෙනස්.  මගේ පොතේ උපුටා ගැනීම් 165ක් ආශ්‍රිත ග්‍රන්ථ 21ක් වගේම පදනම් වාර්තා 6ක් දක්වලා තිබෙනවා.  ඒවා මත පදනම් වෙලා තමයි මම පොත ලියලා තිබෙන්නේ.  පොත බලන්නෙත් නැතිව සුරේෂ්ගේ ප්‍රකාශය කියවන්නෙත් නැතිව පැන්ෂන් ගිය කාකි සූට්කාරයෙක් ලියලා දුන්නු දේවල් සොයා බලන්නේ නැතිව මාධ්‍ය ඉදිරියේ දෙඩෙව්වාම අසීරුතාවයට පත් වෙන්නේ මුජිබර් මන්ත්‍රිතුමාට ඡන්දය දුන්නු කොළඹ ඡන්දදායකයා.

මහ මොලකරු නවුෆර් ද? සහරාන් ද?

2021 දී සරත් වීරසේකර හිටපු ඇමතිතුමා මහ මොලකරු නවුෆර් මවුලවි කිව්වා. දැන් ගම්මන්පිල සහරාන් කියනවා. මේ දෙකෙන් මොකක්ද හරි කියලා මුජිබර් ප්‍රශ්න කරනවා.  ඔය ප්‍රශ්නයටත් පොත කියෙව්වා නම් පිලිතුරු ලැබෙනවා.  මාධ්‍ය හමුවේ දී පෙන්නුවේ එතුමාට පොතක් කියවලා තේරුම් ගන්න බැරි බවනෙ.  ඒ නිසා අපි ඒක පැහැදිලි කරමු.

විමර්ශන වල දී හෙලි වී තිබුණු කරුණු අනුව සහරාන්ව වහාබ්වාදයට යොමු කරන්නේ නවුෆර් මවුලවි.  සහරාන්ව අයිඑස් සංවිධානයට යොමු කරන්නේ නවුෆර් මවුලවි.  අයිඑස් ශ්‍රී ලංකා සංවිධානයේ න්‍යායචාර්ය ලෙස කටයුතු කලේ නවුෆර් මවුලවි.  එමනිසා, කවුරුත් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කියා හඳුනා ගත්තේ නවුෆර් මවුලවිව.  නමුත් එෆ්බීඅයි වාර්තාව වගේම නවුෆර් සහ රිස්කාන් පොලිසියට ලබා දුන් ප්‍රකාශ කියවන්න ලැබුණාම අපේ ඒ අදහස වෙනස් වුණා.

සහරාන් පාස්කු ප්‍රහාරය එල්ල කරන්න තීරණය කරන්නේ 2019 මාර්තු 27 වෙනි දා.  නමුත් මාර්තු 10 දා අයිඑස් ශ්‍රී ලංකා දෙපළු වෙනවා.  නියෝජ්‍ය නායක නවුෆර්ගේ ප්‍රධානත්වයෙන් විශාල පිරිසක් සංවිධානයෙන් ඉවත් වෙනවා.  ඒ නිසා මාර්තු 27 වෙනි දා ගත්තු තීරණයට නවුෆර්ගේ බලපෑමක් නෑ.  පාස්කු ප්‍රහාරයේ සැලසුම සකස් කළ ආකාරය අත්අඩංගුවට පත් වුණු ත්‍රස්තවාදින් විස්තරාත්මකව ප්‍රකාශ කරලා තිබෙනවා.

පසුගිය වසර පහක් පුරාම වාදනය කරපු මුජිබර්ගේ පරණ තැටියම තමයි මේ මාධ්‍ය හමුවේ යළි වාදනය කලේ.  දප්පුල ලිවේරා කුමන්ත්‍රණයක් ගැන කිව්වා.  බුද්ධි අංශ ත්‍රස්තවාදින් සමග වැඩ කළා.  ජමීල්ගේ නිවසට හමුදා බුද්ධි අංශ ගියේ ඇයි?    මේ ඔක්කොටම මගේ පර්යේෂණ ග්‍රන්ථයෙන් විස්තරාත්මක පිලිතුරු දීලා තිබෙනවා.  ඒ නිසා පරණ පුරුදු බයිලා කියන එක නවත්වලා මුලින්ම පොත කියවලා ඉන්න කියලා මම මුජිබර් මන්ත්‍රිතුමාට යෝජනා කරනවා.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka