gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

NDB වංචාවෙන් රු. බිලියන 13.2ක ඇස්තමේන්තුගත පාඩුවක්!

නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී (NDB) තුළ පසුගියදා සිදුවී ඇති අභ්‍යන්තර වංචාවේ ඇස්තමේන්තුගත පාඩුව රු. බිලියන 13.2ක් බව එම බැංකුව සඳහන් කරයි.

NDB මේ බව පවසා ඇත්තේ අද (06) කොළඹ කොටස් වෙළඳපොල වෙත නිකුත් කර ඇති ආයතනික හෙළිදරව්වක් මගිනි.

එහි දැක්වෙන්නේ මෙම වංචාව නිශ්චිත මෙහෙයුම් ප්‍රදේශයකට සීමා වී ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බවයි.

තවද, මෙමගින් ගණුදෙනුකරුවන්ගේ තැන්පතුවලට කිසිදු බලපෑමක් සිදු වී නැති බවත් බැංකු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් ඔවුන් සහතික ක‍ර ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව දැනුවත් කර ඇති බවත්, අරමුදල් අයකර ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ කටයුතු කරන බවත් ද එහි වැඩිදුරටත් දැක්වේ.

මේ අතර, මෙම වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවද නිකුත් කර ඇති නිවේදනය මෙසේය : 

නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී තුළ, අභ්‍යන්තර වංචාවක් සිදු වී ඇති බව අනාවරණය වී ඇති බවත්, ඒ මඟින් සැලකිය යුතු මට්ටමේ අලාභයක් සිදු විය හැකි බවත්,  එම බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇත. එසේම, මෙම වංචාව නිසා, කිසිදු ගණුදෙනුකරුවෙකුගේ ගිණුමකට හෝ තැන්පතුවලට, බලපෑම් සිදු වී නොමැති බවත්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත දැනුම් දී ඇත.

නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී විසින්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දී ඇති තොරතුරු අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, විය හැකි මුල්‍ය බලපෑම පිළිබඳව පූර්ව ඇගැයීමක් සිදු කර ඇති අතර, ඒ අනුව, වාර්තා කළ අලාභය සලකා බැලීමෙන් පසුව ද, නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී හට, එහි ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා සහ ද්‍රවශීලතාවය සම්බන්ධ අනුපාත, අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහලින් පවත්වා ගෙන යා හැකි බව ප්‍රකාශ කළ හැකිය. ශ්‍රී ලංකා මහ බැංකුව, තවදුරටත් මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් සිටින අතර, අවශ්‍ය පරිදි සුදුසු පියවර ගනු ඇත.

අවශ්‍ය වුවහොත්, පවතින නීති සහ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ බැංකුවලට ලබා ගත හැකි දැනටමත් ක්‍රියාත්මක ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රම යටතේ, නැෂනල් ඩිවෙලොප්මන්ට් බෑන්ක් පීඑල්සී හට, තාවකාලිකව ද්‍රවශීලතා ලබා ගැනීමේ හැකියාව පවතී.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka