gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

භාණ්ඩාගාරයට හැකර් ප‍්‍රහාරයක් නෑ... සොරකම් කල ඩොලර් පැලවත්තේ ගිණුමකට?

 රජයේ භාණ්ඩාගාරය විදේශ රටවල ණය ආපසු ගෙවීමේදී සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5ක මූල්‍ය වංචාව හැකර් ප්‍රහාරයක් නොව, භාණ්ඩාගාරය තුළදීම සැලසුම් සහගතව සිදුකළ සොරකමක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් ඔහු අවධාරණය කර සිටින්නේ, මෙය හුදෙක් තාක්ෂණික දෝෂයක් හෝ පිටස්තර පුද්ගලයින් විසින් සිදුකළ 'හැක් කිරීමක්' නොවන බවයි.

ගම්මන්පිල මහතාට අනුව, මෙහිදී සිදුව ඇත්තේ ණය ගෙවන ආයතනයේ ගිණුම් අංකය මාරු කරමින් විද්‍යුත් තැපෑලෙන් (Email) එවන ලද තොරතුරක් මත පදනම්ව වෙනත් ගිණුමකට මුදල් යැවීමකි.

මුදල් යන අතරමගදී කිසිදු හැක් කිරීමක් සිදුව නොමැති බවත්, රජයේ නිලධාරීන් විසින්ම නව ගිණුම් අංකයට මුදල් යැවීම අනුමත කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

බහුපාර්ශ්වීය ණය හැරුණු කොට අනෙකුත් සියලු ණය ගෙවීම් නතර කර තිබියදී, ඔස්ට්‍රේලියාවේ ආයතනයකට පමණක් මෙලෙස මුදල් ගෙවීමට තීරණය කළේ කවුද යන්න ඔහු ප්‍රශ්න කරයි.

මීට පෙර මෙවැනි සිදුවීම් වාර්තා වී නොමැති බව පවසන ගම්මන්පිල මහතා, මෙම මුදල් බැරවූයේ 'පැලවත්තේ ගිණුමකටද' යන සාධාරණ සැකය ඕනෑම තාර්කික මනසකට ඇතිවන බව සඳහන් කළේය.

මහා බැංකුව විසින් මීට පෙර තුන්වන පාර්ශවයකට මුදල් ගෙවීමේ අවදානම පිළිබඳව අනතුරු ඇඟවීම් කර තිබියදීත්, ඒවා නොසලකා හරිමින් කටයුතු කිරීම පිටුපස 'හොර හිතක්' ඇති බවට ඔහු චෝදනා කරයි.

වගවීම සහ විනිවිදභාවය මෙම බරපතල වංචාව පිළිබඳව රජය පාර්ලිමේන්තුවට හෝ විගණකාධිපතිවරයාට දැනුම් නොදී දීර්ඝ කාලයක් සඟවාගෙන සිටීම දැඩි විවේචනයට ලක්විය යුතුය.

විමර්ශන කටයුතු වලට බාධාවන බැවින් මෙය රහසක් ලෙස තබාගත් බවට රජය කරන ප්‍රකාශ "පච වැලක්" ලෙස හඳුන්වන ඒ මහතා, ගිණුමකින් තවත් ගිණුමකට මුදල් මාරු කිරීමක් රටට හෙළි කිරීම පරීක්ෂණ වලට බාධාවක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරයි.

මුදල් පාලනය පිළිබඳ වගකීම පාර්ලිමේන්තුව සතු බැවින්, මෙම වංචාව සැඟවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වගකීම භාරගත යුතු බව ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

එමෙන්ම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාද සිය වගකීම පැහැර හැර ඇති බව ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් රහස් පොලීසියට හෝ අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමෙන් පලක් නොවන බවත්, විපක්ෂය විසින් මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු බවත් ඔහු යෝජනා කළේය
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka