gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මධුෂ්ගේ සිද්ධියට සීසීඩී හිටපු ලොක්කන්ව අත්අඩංගුවට ගන්න එපායැයි ශානිට නියෝගයක්!

පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණය අසලදී ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක් නන්දන මහතා ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අදාළ පොලිස් නිලධාරීන් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව වන අතර, එහිදී පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණේ මධුෂ් ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලදී තමන්ව කොයි මොහොතක හෝ අනීතික ලෙස අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවයි.

මෙම පෙත්සම්කරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා සඳහන් කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ මෙහෙයවීම යටතේ මෙම විමර්ශනය සිදු කරන බවත්, ඒ හරහා තම සේවාදායකයන්ට දැඩි අගතියක් සිදුවිය හැකි බවත්ය.

ඒ අනුව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙසත්, අදාළ විමර්ශන කටයුතු ශානි අබේසේකර මහතාගෙන් ඉවත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබූ අතර එහිදී වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කළ විනිසුරුවරයා නඩුව යළි මැයි මස 15 වනදා කැඳවීමට නියෝග කළේය.

මෙම නීතිමය තත්ත්වය මධ්‍යයේ මධුෂ්ගේ ඝාතනය පිළිබද විමර්ශන යටගැසීම පසුපස විවිධ දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක වන බවට ද චෝදනා එල්ල වෙමින් පවතින අතර, මීට පෙර විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් ද පාර්ලිමේන්තුවේදී මෙම සිද්ධිය පිටුපස සිටින දේශපාලනඥයන් පිළිබඳව කරුණු හෙළිදරව් කර තිබුණි.

විමර්ශනවලදී සිද්ධිය වූ ස්ථානයේ සිටි සනීපාරක්ෂක කම්කරුවෙකු මුල් කාලයේ පවතින බිය හේතුවෙන් සත්‍ය ප්‍රකාශ කිරීමට පසුබට වූ බවට මෑතකදී හෙළි විය. එම සාක්ෂිකරු, වසරකට පමණ පෙර මාලිගාවත්ත පොලිසියට ලබා දුන් කටඋත්තරයක් මගින් අනාවරණය කර ඇත්තේ මධුෂ්ට වෙඩි වැදුණේ පොලිස් නිලධාරියෙකු අතින් බවයි. මෙම සාක්ෂිය සහ විමර්ශන වාර්තා දිගින් දිගටම පොලිසිය විසින් යටගසා ඇති බවට චෝදනා නැගෙන අතර, මෝෂන් පත්‍රයක් මගින් මධුෂ් ඝාතනය පිළිබදව මහේස්ත්‍රාත් අධිකරණයේ තිබුණු නඩුව යළි කැඳවා විමර්ශන කඩිනම් කරන ලෙස මීට පෙර ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාර දී තිබුනි.

මාකඳුරේ මධුෂ්ගේ නීත්‍යානුකූල බිරිඳ සහ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව එක්ව පොලිස් මූලස්ථානය වෙත ගොස් පොලිස්පතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේ මෙම විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පවරන ලෙසයි. නව චක්‍රලේඛ අනුව 125 වගන්තිය යටතේ විමර්ශකයා වෙනස් කිරීමට පොලිස්පතිවරයාට ඇති බලතල අනුව එම ඉල්ලීම ඉටු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ විමර්ශනවලට අදාළ වාර්තාව ඉදිරිපත් කරන බවයි.

කෙසේ වෙතත් එම විමර්ශනයේදී තමාව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් ඉහත නිලධාරීන් නියෝගය ලබාගෙන තිබුණි.

තරිදු උඩුවරගෙදර
whatnews
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka