gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

CIDය රනිල්ගේ නිවසට යාම : දේශපාලන වාසි තකා වජිර කළ ප්‍රකාශය ගැන රනිල් අවුලෙන්!

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෘද සැත්කමකින් පසුව සුවය ලබමින් සිටින මොහොතක ඒ මහතාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් ඔවුන්ගේ නිවසට යාම තරයේ හෙළාදකින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය 24 වනදා ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත් CID නිලධාරීන් අදාළ ප්‍රකාශය ලබාගැනීම සඳහා වික්‍රමසිංහ මහතාගේ නිවසට ගොස් තිබුණේ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ලිඛිතව කර තිබුණු ඉල්ලීමක් අනුව ය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රශ්නගත ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට පසුගිය පෙබරවාරි 20 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට දැනුම් දී තිබූ අතර පෙබරවාරි 19 වනදා ලිපියක් මගින් ඇය දැනුම් දී තිබුණේ තම සෞඛ්‍ය තත්වය අනුව තමන්ට 20 වනදා CIDය වෙත පැමිණීමට නොහැකි බවත් නිවසේ සිට ප්‍රතිකාර ලබාගන්නා ලෙස වෛද්‍යවරුන් තමන්ට උපදෙස් ලබාදී ඇති බැවින් අදාළ ප්‍රකාශය කොල්ලුපිටිය, පස්වන පටුමගේ පිහිටි තම නිවසේදී සටහන් කරගැනීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසත් ය.

එසේ තම සෞඛ්‍ය තත්වය පිළිබඳ විස්තර සහිතව මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කරන ලද ඉල්ලීම සානුකම්පිතව සලකා බලා ඇයගේ ප්‍රකාශය අදාළ නිවසේදී සටහන් කරගැනීමට CIDය කටයුතු කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සිංගප්පූරුව බලා යාමට පෙර CIDයට එවූ ලිපියක් සහ CIDය අප්‍රේල් 20 වනදා ඇයට යොමුකළ ලිපියක් පහතින් දැක්වේ.

කරුණු කාරණා මෙසේ සිදුව තිබියදීත් මේ සියල්ල නොසලකා හුදෙක් පටු දේශපාලන වාසියක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් යුතුව එජාප සභාපති වජිර අබේවර්ධන පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් CIDයට දෝෂාරෝපණය කර තිබුණු නමුත් වජිරගේ එම ක්‍රියාව රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි කම්පාවට හේතුවී ඇති අතර වජිරගේ එම ක්‍රියාව ඒ මහතාගේ දෝෂදර්ශනයට ලක්ව ඇති බවත් සමීප ආරංචිමාර්ග සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka