gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමාවේ සංවිධානාත්මක කණ්ඩායම් සජිත්ගේ චරිත ඝාතනය කරනවා – අනුරට බෑ මාධ්‍ය හමුවේදී මහාචාර්ය ප්‍රසන්න පෙරේරා කියයි

සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය තුළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ චරිතය ඝාතනය කරමින් සමච්චලයට ලක් කිරීමට ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් සංවිධානාත්මකව කටයුතු කරමින් සිටින බව ‘පච මදිවට හොරු, අනුරට බෑ’ යන තේමාව මුල් කරගනිමින් පැවැත්වූ ජනහමු මාලාවේදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කියා සිටියේය.

“බොරුව ඇත්තක් කිරීම සහ විපක්ෂයේ දේශපාලන පක්ෂවල දේශපාලනඥයන්ට මෙන්ම විශේෂයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ චරිතය ඝාතනය කරමින් සමාජ මාධ්‍ය සහ ප්‍රධාන මාධ්‍ය තුළ සමච්චලයට ලක් කරන්න ජාතික ජනබලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් සංවිධානාත්මකව කටයුතු කරමින් සිටිනවා.

විශේෂයෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන නිලධාරීන් සමඟ දිගින් දිගටම සාකච්ඡා කරනු ලබනවා. රටේ ජනතාව මත පටවා තිබෙන අධික බදු බර අඩු කළ යුතු බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගමන් කරන මාර්ගය වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. ඒ වගේම ජනතාවට සුභසාධනය ගෙන දෙන වැඩපිළිවෙළක් ඇති කළ යුතු බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනු ලබනවා. කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා ජනවරමක් ලබාගෙන පැමිණියහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගෙන තිබෙන එකඟතා වෙනස් කිරීම සඳහා සලකා බැලීමක් සිදුකළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබුණා. එමගින් ජාත්‍යන්තර ප්‍රජාවට සජිත් ප්‍රේමදාස මහතාගේ ඒත්තුගැන්වීමේ හැකියාව පෙනෙන්න තිබෙනවා. මහචාර්යවරයෙක් වශයෙන් මා ඒ සම්බන්ධයෙන් සතුටට පත් වෙනවා.

ඒ වගේම පසුගියදා සෞඛ්‍ය අංශයේ සියලුම නිලධාරින් සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. ඒ වගේම රට තුළ දැනට ගබඩා තුළ තිබෙන ඖෂධ මොනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් වෛද්‍යවරු දැනුවත් නැති බවත් එම තොරතුරු වෛද්‍යවරුන්ට ගැනීමට නොහැකි බවත් එම සාකච්ඡාවේදී අනාවරණය වුණා. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් තමාට තේරුම් ගැනීම අපහසු බවත් ඒ පිළිබඳව තේරුම් ගැනීමට අවශ්‍ය බවත් ඒ සම්බන්ධයෙන් නැවත පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස වෛද්‍යවරුන්ගෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka