gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරයට වසර 7යි - රට පුරා විශේෂ ආගමික සැමරුම්!

ප්‍රධාන සැමරුම් උත්සවය කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඒ සඳහා ආගමික නායකයන්, තානාපතිවරුන් සහ වින්දිත පවුල්වල සාමාජිකයන් සහභාගී වීමට නියමිතය. 

අද පෙරවරු 8.45ට දිවයිනේ සියලු දේවස්ථානවල මළවුන්ගේ සීනුව නාද කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වා අනතුරුව ඉටිපන්දම් හෝ පහන් දල්වා වින්දිතයන් සිහිපත් කිරීමට කටයුතු යොදා ඇත.

මීට අමතරව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී ද විශේෂ දිව්‍ය පූජාවන් පැවැත්වෙන අතර පස්වරු 4.00ට මීගමුව මාරි ස්ටෙලා ක්‍රීඩාංගණයේ සිට කටුවාපිටිය දක්වා විශේෂ යාඥා පා ගමනක් ද සංවිධානය කර තිබේ. ප්‍රහාරයෙන් වින්දිත වූවන්ට යුක්තිය ඉටු වන ලෙසත් සත්‍යය හෙළිදරව් වන ලෙසත් යාඥා කරමින් අද දිනය යාඥාවේ සහ නිශ්ශබ්දතාවයේ දිනයක් ලෙස සලකන ලෙස අගරදගුරු හිමිපාණෝ කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව අදහස් දක්වමින් අගරදගුරු හිමිපාණෝ සඳහන් කළේ සැබෑ අපරාධකරුවන් හඳුනා ගැනීමට රජය සහ ආරක්ෂක අංශ විශ්වසනීය විමර්ශනයක් සිදු කරමින් සිටින අවස්ථාවක ඇතැම් පුද්ගලයන් වැරදි මතවාද පතුරවමින් ඊට බාධා කිරීමට උත්සාහ දරන බවයි. මෙම ඛේදවාචකයට පසුබිම් වූ සැබෑ තොරතුරු අනාවරණය කර ගැනීමට සහ වින්දිතයන්ට සාධාරණය ඉටු කර ගැනීමට සමිඳුන්ගේ ආශිර්වාදය අයදින ලෙස උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka