‘ජනාධිපතිතුමනි.. මේක ඔබට කරන්න බැරි වුණොත් ඔබතුමාටත් දුවන්න වෙයි ආයෙ නිකන් ලොවෙත් නැති වෙන්න…’! - කාදිනල් හිමියන්වත් ඉදිරියේ තියාගෙන පාස්කු ප්‍රහාරයට අවුරුදු 7ක් පිරෙන දිනයේ රුස්වී මවුලවිතුමා කෙළින්ම කියපු කතාව!
”ජනාධිපතිතුමා කිව්වා දිනන එක දිනන්න ඕනි ආයෙ නිකන් ලොවෙත් නැති වෙන්න කියලා කිව්වා.
මහ මැතිවරණයේදී ඔබ කිව්වා දිනන එක දිනන්න ඕනි ආයෙ නිකක් අනිත් අයගෙ ඇස්වලින් කඳුළු එන්න.
ඒ කියන්නෙ ඇඬෙන්න දිනන්න ඕනි කිව්වා. අපි ඒකත් විශ්වාස කළා.
ඔබතුමා ඉල්ලුවෙත් නෑ, අපි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වරමක් ලබාදුන්නා.
සමහර ප්‍රශ්න එක පෑන් පාරින් විසඳනවා කිව්වා. විසඳන්න.
නීති මදි නම් නීති ගේනවා කිව්වා. ඒවා ගේන්න.
අපි ඔක්කොම බලාපොරොත්තු වෙන්නෙ අන්න ඒක තමයි.
ඒ නිසා තමයි අපි සියලු දෙනාම මේ පාස්කු වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටින්නෙ.
ජනාධිපතිතුමනි, සම්පූර්ණ බලය, පෑන තියෙන්නෙ ඔබතුමා අතේ.
යුක්තිය ඉටුවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
මේක ඔබට කරන්න බැරි වුණොත්, ඔබතුමාටත් දුවන්න වෙයි ආයෙ නිකන් ලොවෙත් නැති වෙන්න…”
– මශුක්ස් හාෆිර් රුස්වී මවුලවිතුමා
පාස්කු ප්‍රහාරයේ සත්වන වසර සිහිකිරීමට එක්වෙමින්,
මේ පුවත තව අයට බලන්න
‘ජනාධිපතිතුමනි.. මේක ඔබට කරන්න බැරි වුණොත් ඔබතුමාටත් දුවන්න වෙයි ආයෙ නිකන් ලොවෙත් නැති වෙන්න…’! - කාදිනල් හිමියන්වත් ඉදිරියේ තියාගෙන පාස්කු ප්‍රහාරයට අවුරුදු 7ක් පිරෙන දිනයේ රුස්වී මවුලවිතුමා කෙළින්ම කියපු කතාව!
2026-04-21T16:32:00+05:30
Gossip Lanka Hot News