gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නැගිටපල්ල නැගිටපල්ල, උඹලගේ වරාය ඇවිල්ලා… තව ඇමති කෙනෙක් සුපිරි ගෙයක් සහ ෂෙඩ් එකක් මිලට ගනී!

වත්මන් දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රබලයින්ගේ වත්කම් හා සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ජන හමුවකදී අදහස් පල කලේය.

මන්ත්‍රීවරයා පවසන්නේ ඇතැම් දේශපාලනඥයන් රජයේ බලයක් නොමැතිව පවා ඉතා කෙටි කලක් තුළ විශාල ධනස්කන්ධයක් උපයාගෙන ඇති බවයි.

මින් පෙර මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ ‘D 10’ නිවසේ තම නිල නිවස අසල පදිංචිව සිටි ඇමති කේ.ඩී. ලාල්කාන්ත ඇමතිවරයෙක් වී වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ මාලඹේ ප්‍රදේශයේ තට්ටු තුනක දැවැන්ත නිවසක් ඉදිකර ඇති බවද ඔහු සඳහන් කළේය.

අනුරාධපුර ප්‍රදේශයේ ඇමතිවරයෙකුද රුපියල් කෝටි දෙකකට නිවසක් සහ ඉන්ධන පිරවුම්හලක් (ෂෙඩ් එකක්) මිලදී ගෙන ඇති බවත්, වර්තමානය වන විට එහි වටිනාකම රුපියල් කෝටි පහක් හෝ දහයක් ඉක්මවා ඇති බවත් ඔහු පැවසීය.

ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් වසර එකහමාරක් වැනි කෙටි කාලයකදී විශාල වශයෙන් මුදල් උපයා අවසන් බවද ඔහු මෙහිදී අවධාරණය කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, වැව් රක්ෂිත ආශ්‍රිතව සිදුවූ බව කියන දූෂණ ක්‍රියාවක් පිළිබඳවද තොරතුරු හෙළි කළේය.

වැව් රක්ෂිතවල ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කරන බව පවසමින් ගැසට් නිවේදනයක් නිකුත් කර, පසුව එම ප්‍රදේශවල හෝටල් හිමියන්ගෙන් මුදල් ලබාගෙන ඇති බව ඔහු චෝදනා කළේය.

පොළොන්නරුව සහ අනුරාධපුර ප්‍රදේශවල මෙවැනි සිදුවීම් වාර්තා වූ බවත්, අවසානයේ කිසිදු හෝටලයක් හෝ නිවසක් කඩා ඉවත් නොකර මෙය හුදෙක් මුදල් ලබා ගැනීමේ ‘ගේමක්’ ලෙස ක්‍රියාත්මක වූ බවත් ලාල් කාන්ත ගොඩගියේ ඒම ගැසට්ටුවෙන් බවත් චාමර සම්පත් දසනායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

- emanisa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka