gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉරානය Amazon වෙත පහර දේ!

බහරේනයේ පිහිටි 'ඇමේසන්' (Amazon) සමාගමට අයත් ක්ලවුඩ් පරිගණක දත්ත මධ්‍යස්ථානයකට (Cloud Computing Facility) ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.

මෙම සිදුවීමත් සමඟ මධ්‍යපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය එරට තීරණාත්මක තාක්ෂණික යටිතල පහසුකම් දෙසට ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුව ඇත.

බහරේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, "ඉරාන ආක්‍රමණශීලී ක්‍රියා හේතුවෙන් පෞද්ගලික සමාගමක පරිශ්‍රයක හටගත් ගින්නක් මැඩපැවැත්වීමට සිවිල් ආරක්ෂක කණ්ඩායම් කටයුතු කළ" බවයි.

කෙසේ වෙතත්, අදාළ සමාගමේ නම හෝ සිදුවූ හානිය පිළිබඳ නිශ්චිත තොරතුරු හෙළි කිරීමට බලධාරීන් පියවර ගත්තේ නැත. මේ පිළිබඳව අදහස් දැක්වීම ඇමේසන් සමාගම ද ප්‍රතික්ෂේප කර තිබේ.

ඇමරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය ගල්ෆ් කලාපයේ වාණිජ තාක්ෂණික පද්ධතීන් දක්වා ව්‍යාප්ත වී ඇති බවට මෙම ප්‍රහාරය නවතම සාක්ෂියක් ලෙස විදේශ විචාරකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම මැදපෙරදිග ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ ඇමරිකානු තාක්ෂණික සමාගම් වන Amazon, Microsoft, Google සහ Apple යන ආයතන ඉලක්ක කරන බවට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) මීට පෙර තර්ජනය කර තිබුණි.

පසුගිය මාර්තු 02 වන දින ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ බහරේනයේ පිහිටි සිය දත්ත මධ්‍යස්ථාන තුනකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ බව ඇමේසන් සමාගම තහවුරු කර ඇත.

ඇමේසන් වෙබ් සේවා (AWS) ආයතනය 2019 වසරේදී බහරේනය සිය ප්‍රධාන දත්ත මධ්‍යස්ථාන කලාපය ලෙස තෝරා ගත්තේ මධ්‍යපෙරදිග පාරිභෝගිකයින්ට වඩාත් කාර්යක්ෂම ඩිජිටල් සේවාවක් සැපයීමේ අරමුණෙනි. මෙවැනි ප්‍රහාරයන් හේතුවෙන් කලාපයේ ඩිජිටල් සහ ආර්ථික දේපළ ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka