gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අසූචි අතින් අරන් විරෝධාතාකරුවන්ට ගැසූ මුදල් ලේකම්ගේ අසල්වාසීන් 13 දෙනෙකුගේ නම් පොලිසියට!

පැලවත්තේ පිහිටි මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ (28) උදෑසන පැවැති විරෝධතාවයකට ඒල්ල වූ අසූචි ප්‍රහාරය සම්බන්ධයෙන් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් අද (29) පෙරවරුවේ තලංගම පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

අදාළ අසූචි ප්‍රහාරය එල්ල කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් පිරිසක් බවට චෝදනා කරන විරෝධතාකරුවන්, ඊට සම්බන්ධ බව කියන පුද්ගලයන් දහතුන් දෙනෙකුගේ (13) නම් ද ඇතුළත් කරමින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ. 

මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නිවස ඉදිරිපිට ඊයේ පස්වරුවේ පැවති විරෝධතාවක් අතරතුර එහි පැමිණි වෙනත් පිරිසක් ඔවුන්ට මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, එමගින් දෙපිරිස අතර දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

එම පිරිස කියා සිටියේ තමන් ගම් වාසීන් බවත් මෙම ක‍්‍රියාවන්ට ඉඩ දිය නොහැකි බවත්ය.

අතුරුදන් වූ බව පැවසෙන අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදල සම්බන්ධයෙන් වගකීම භාරගෙන ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බලකරමින් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka