gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජයකොඩි නාමේ විශ්වය පුරා විහිදී යයි... ඇප පිට සිටි ඇමති දුෂන චෝදනා මත ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය කියයි

ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව එල්ල වී ඇති බරපතල දූෂණ චෝදනා මත ඔහු ධුරයෙන් ඉල්ලා අස් වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා රැසක් විශේෂ අවධානයකින් යුතුව වාර්තා කර සිටියි.

2026 අප්‍රේල් 17 වන සිකුරාදා දින සිදුවූ මෙම ඉල්ලා අස්වීම පිළිබඳව විදෙස් පුවත් සේවා පෙන්වා දෙන්නේ රජය තුළ ඇති වූ දැඩි පීඩනය මෙයට හේතු වූ බවයි.

අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට රජය සමත් වුවද, දූෂණයට එරෙහිව ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට රජයට ඇති සදාචාරාත්මක බැඳීම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මගින් ප්‍රශ්න කර තිබුණි.

ගල්අඟුරු ආනයනය කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ කොමිසමක් පත් කිරීමත් සමඟ මෙම ඉල්ලා අස්වීම සිදුවීම විශේෂත්වයකි.

ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇත්තේ "විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම මගින් පවත්වනු ලබන අපක්ෂපාතී සහ ස්වාධීන විමර්ශනයකට පහසුකම් සැලසීම" සඳහා ය.

මෙම කොමිසම හරහා ලංකා ගල්අඟුරු සමාගම මගින් සිදුකළ ගල්අඟුරු ආනයනයන්හි සිදුවූ අක්‍රමිකතා, විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන නීතිවිරෝධී ක්‍රියා විමර්ශනය කිරීමට අපේක්ෂිතය:

2016 වසරේ ලංකා පොහොර සමාගමේ සේවය කළ සමයේ පෞද්ගලික සමාගමකට අයුතු ලෙස වාසි සැලසීමෙන් රජයට රුපියල් මිලියන 8.8 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අමාත්‍යවරයාට එරෙහිව නඩු පවරා තිබුණි. මෙම නඩුවට අදාළව පසුගිය මාර්තු මස අගභාගයේදී කොළඹ මහාධිකරණය මගින් ඔහුට ඇප නියම ව සිටින බවත් විදෙස් වාර්තා කියා සිටී.

"දූෂණය පිටුදැකීම" මැතිවරණ පොරොන්දුවක් කරගත් ජාතික ජන බලවේග රජයට, මෙම චෝදනා එල්ල වූ අමාත්‍යවරයා ආරක්ෂා කරන බවට විපක්ෂයෙන් සහ සිවිල් සංවිධානවලින් දැඩි ප්‍රහාර එල්ල විය. පසුගිය සතියේ ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ද ඉදිරිපත් වූ අතර, රජයට පාර්ලිමේන්තුවේ ඇති තුනෙන් දෙකක බහුතර බලය යොදා ගනිමින් එය පරාජය කිරීමට රජය සමත් විය.

කෙසේ වෙතත්, දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානය සහ ජනතා විරෝධය හමුවේ රජයේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහා අමාත්‍යවරයාට මෙලෙස ඉල්ලා අස්වීමට සිදුව ඇති බවත් තව දුරටත් පවසා ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka