කාන්තාවකගේ කොණ්ඩය කපා අමානුෂික ලෙස වධ දුන් රාගම වෙළෙඳසැල් සේවකයින් 5ක් පොලිස් දැලේ!
රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී කාන්තාවකගේ හිසකෙස් කපා අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය ඇතුළු පස්දෙනෙකු රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන පදනම් කරගනිමින් ක්‍රියාත්මක වූ රාගම පොලිසිය, වින්දිත කාන්තාවගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඇයව වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත.
විමර්ශණ කටයුතු සිදුකර ප්‍රධාන සැකකාරිය වන අවුරුදු 27 ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකාරියක් සහ වයස අවුරුදු 20, 21, 22 සහ 23 වයසේ පසුවන රාජාංගනය, කඩවත, රාගම, ත්‍රිකුණාමළය චිනවරාය ප්‍රදේශයේ පුද්ගලයින් සිව්දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අද දින වැලිසර ගරු මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර ඉදිරි විමර්ශණ කටයුතු රාගම පොලිසිය විසින් සිදුකරයි.
මේ පුවත තව අයට බලන්න
කාන්තාවකගේ කොණ්ඩය කපා අමානුෂික ලෙස වධ දුන් රාගම වෙළෙඳසැල් සේවකයින් 5ක් පොලිස් දැලේ!
2026-04-18T10:15:00+05:30
Gossip Lanka Hot News





