gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රී ලංකා වංචා දුෂණ රැසක් ලොක්කෙක් හෙලි කරයි

 ශ්‍රී ලංකන් ගුවන් සේවය තුළ වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ බව කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සහ දත්ත අවභාවිතයන් පිළිබඳව පුපුරණ සුලු තොරතුරු රැසක් ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් ඩේලි මිරර් වෙත හෙළිදරව් කර තිබේ.

වසර විස්සකට වැඩි පළපුරුද්දක් සහිත, ගුවන් සේවයේ තායිලන්ත ප්‍රාදේශීය කළමනාකරු ලෙස කටයුතු කළ අමිතාබ් ඇන්තනිපිල්ලේ මහතා විසින් මෙම අනාවරණය සිදු කර ඇත.

ඔහුට අනුව, ගුවන් සේවය සතු අතිශය රහසිගත උපායමාර්ගික ලේඛන මගින් මෙම මූල්‍ය කාන්දුවීම් සනාථ වේ.

මෙම දූෂණයේ ප්‍රධානතම කරුණ වන්නේ ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය (හරහා පාරිභෝගිකයින් සෘජුවම මිලදී ගන්නා ප්‍රවේශ පත්‍ර සඳහා ද, ප්‍රාදේශීය විකුණුම් නියෝජිතයින්ට අසාධාරණ ලෙස කොමිස් මුදල් ගෙවීමයි.

2024 මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ වෙබ් අඩවිය හරහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 144.31 ක ආදායමක් උපයා ඇත. මෙය සමස්ත මගී ආදායමෙන් 18% කි.

කිසිදු මැදිහත් වීමක් නොකරන නියෝජිතයින්ට මෙම සෘජු අලෙවියෙන් කොමිස් ගෙවීම නිසා 2028 වන විට වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 7.7 කට අධික මුදලක් ගුවන් සේවයට අහිමි වනු ඇතැයි ගණන් බලා ඇත.

මෙම කොමිස් ගෙවීම 2013 දී 1% දක්වා අඩු කර, 2019 දී සම්පූර්ණයෙන්ම අහෝසි කර තිබුණද, අශෝක් පතිරගේ මහතා සභාපතිත්වය දැරූ සමයේ එය යළිත් අභිරහස් ලෙස ක්‍රියාත්මක කර ඇති බව ලේඛන පෙන්වා දෙයි.

මූල්‍ය වංචාවලට අමතරව, ගුවන් සේවයේ මාර්ග ලාභදායීතාව පිළිබඳ දත්ත හිතාමතාම වෙනස් කර ඇති බවට ද චෝදනා එල්ල වේ. විශේෂයෙන් 2023-2025 කාලය තුළ ලබාගත් ACMI බදු පදනමේ ගුවන් යානා මෙහෙයුම්වලදී, සැබෑ වියදම් වසන් කරමින් ව්‍යාජ වාර්තා ඉදිරිපත් කර ඇති බවත්, එමගින් ගුවන් සේවයේ සැබෑ මූල්‍ය තත්ත්වය පිළිබඳව පාර්ශ්වකරුවන් නොමඟ යවා ඇති බවත් හෙළිදරව් කර ඇත.

මෙම දූෂණ පිළිබඳව මුලින්ම ගුවන් සේවා බලධාරීන්ට දැනුම් දුන්නද, ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් ඇන්තනිපිල්ලේ මහතා 2025 දෙසැම්බර් මාසයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

එහිදී අල්ලස් කොමිසම විසින් මෙම දූෂණ ලේඛනය යළිත් ගුවන් සේවයටම විමර්ශනය සඳහා යොමු කිරීම දෝෂදර්ශනයට ලක් කර ඇති විසිල්බ්ලොවර්වරයා, එය ගුවන් සේවයේම පවතින දූෂිත පද්ධතිය ආරක්ෂා කිරීමක් බව පවසා සිටියි.

මෙම වංචාවලට එරෙහිව හඬ නගන නිලධාරීන්ට මානව සම්පත් අංශය හරහා විවිධ බලපෑම් සහ පළිගැනීම් සිදුකරන බව ද අදාළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka