gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බාල ගල් අගුරු විදුලි බිල වැඩි කිරීමට හේතුවක්... තවත් වැඩි කල යුතුයි - IMF මෙරට ප‍්‍රධානී

ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ලබාගෙන ඇති ගල් අඟුරු භාවිතයෙන් උපරිම ධාරිතාවයෙන් විදුලිය උත්පාදනය කිරීමට නොහැකි වීම, මෙරට විදුලි ඒකකයක් උත්පාදනය කිරීම සඳහා වැයවන පිරිවැය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

මෙවැනි තාක්ෂණික හෝ මෙහෙයුම් ගැටලු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය ලැබූ පාඩු පියවා ගැනීම කෙරෙහි ඉදිරියේදී විදුලි ගාස්තු තීරණය කිරීමේදී දැඩි අවධානය යොමු කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

මෙම තත්ත්වය හමුවේ පිරිවැය ආවරණය වන පරිදි විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ අවශ්‍යතාව මූල්‍ය අරමුදල විසින් පූර්ව කොන්දේසියක් ලෙස පනවා ඇත.

මැද පෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි උත්පාදන පිරිවැය තවදුරටත් ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව විදුලි ගාස්තු සියයට 15 කින් ඉහළ නැංවීමට ඉදිරිපත්ව ඇති නව ඉල්ලීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධානයෙන් පසුවන බවත් පැපජෝර්ජියෝ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙලෙස පිරිවැය ආවරණය වන ගාස්තු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේදී සමාජයේ දැඩි අවදානමට ලක්වූ පිරිස් ආරක්ෂා කර ගැනීමට රජය පියවර ගත යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වැනි සහ හයවැනි සමාලෝචන සඳහා මේ වන විට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹ ඇති අතර, විධායක කමිටු අනුමැතියෙන් පසු ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක මූල්‍ය වාරිකයක් මෙරටට ලැබීමට නියමිතය.

අදාළ අනුමැතිය ලබන මස අග හෝ ජූනි මස මුලදී ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, ඒ සමඟ මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති මුළු මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 ක් වනු ඇත.

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති මූල්‍ය ප්‍රගතිය ප්‍රශංසනීය බවත්, දළ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 සීමාව පසුකර ඇති බවත් පැවසූ පැපජෝර්ජියෝ මහතා, එන්. ඩී. බී. බැංකුවේ සිදුව ඇති බව කියන රුපියල් බිලියන 13.2 ක වංචාව පිළිබඳව ද මූල්‍ය අරමුදල විමසිල්ලෙන් පසුවන බව ප්‍රකාශ කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka