මහින්ද වත්කම් වලින් කොටසක් අල්ලස් කොමිසමට දන්වයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නියෝගයකට අනුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය වත්කම් හා බැරකම් පිළිබඳ දිවුරුම් ප්‍රකාශයක් එම කොමිසම වෙත ඉදිරිපත් කර තිබේ.
කෙසේ වෙතත්, වාර්තා වන පරිදි එම ප්‍රකාශය මඟින් ඔහු අනාවරණය කර ඇත්තේ සිය වත්කම්වලින් කොටසක් පිළිබඳ තොරතුරු පමණි.
අදාළ ලේඛන ඉදිරිපත් කිරීම සඳහා අල්ලස් කොමිසම ලබා දී තිබූ දින 14ක කාල සීමාව එදිනෙන් අවසන් වූ අතර, එහි ඉතිරි කොටස් භාර දීම සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් වැඩිදුර කාලය ඉල්ලා ඇත.
අදාළ ලේඛන සම්පූර්ණයෙන් ලැබුණු පසුව ඒ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න
මහින්ද වත්කම් වලින් කොටසක් අල්ලස් කොමිසමට දන්වයි
2026-04-22T09:15:00+05:30
Gossip Lanka Hot News






