gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Exclusive : කොළඹ තැන් කිහිපයක බෝම්බ පිපිරවීමේ සැලසුමක්! - සැකකරුවෙකු අත්අඩංගුවට!

පාතාල කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන්ගේ මඟපෙන්වීම මත කොළඹ නගරය ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට කුමන්ත්‍රණය කළ පුද්ගලයෙකු ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (20) දින ජා-ඇල, කලා වීදිය ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු කොටු කරගෙන ඇත.

මොහු කොළඹ 15 ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි වියේ පසුවන්නෙකි.

මෙරට ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින් කොළඹ ස්ථාන කිහිපයක පිපිරවීම් සිදුකිරීමට මොහු සැලසුම් සකස් කර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

- lankacnews
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka