gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චීනයට ඉරානයෙන් තෙල් ගන්න දෙන්නෑ - ඇමරිකාව

ඉරානයෙන් චීනයට සිදු කෙරෙන බොරතෙල් සැපයුම අත්හිටුවීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කරගනිමින් ඇමරිකානු රජය දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එරට භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් දැනුම් දී තිබේ.

වොෂින්ටන් නුවරදී අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, චීනයට අවශ්‍ය බලශක්ති අවශ්‍යතා වෙනත් ඕනෑම ප්‍රභවයකින් සපුරාගත හැකි වුවද, ඉරාන තෙල් ප්‍රවාහනය කිරීමට තවදුරටත් ඉඩ නොතබන බවයි.

අල්ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි, ඉරාන තෙල් ලබාගන්නා ප්‍රධානතම පාර්ශවය වන චීනය, භාණ්ඩ තොග රැස්කිරීම සහ අපනයන සීමා කිරීම වැනි පිළිවෙත් අනුගමනය කරමින් ලෝක වෙළඳපොළ තුළ වගකීම් විරහිත ලෙස හැසිරෙන බවටද ඔහු චෝදනා කළේය.

මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව චීන බලධාරීන් සමඟ දැනටමත් අදහස් හුවමාරු කරගෙන ඇති බව ලේකම්වරයා පැවසීය.

කෙසේ වෙතත්, එළඹෙන මැයි මාසයේදී ජනාධිපති ට්‍රම්ප් විසින් සිදු කිරීමට නියමිත චීන සංචාරයට මෙම මතභේදය බලපෑමක් එල්ල කරන්නේද යන ප්‍රශ්නයට ඔහු සෘජු පිළිතුරක් ලබා දී නොමැත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka