gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති ජයකොඩිගේ විශ්වාස භංගය අද... ආණ්ඩුවම ඔහු රකින්න සූදානම්... සියළු මන්ත‍්‍රීන් කොළඹට කැදවයි

මහාධිකරණය හමුවේ අධි චෝදනා එල්ල වී සිටින බලශක්ති මාධ්‍යය කුමාර ජයකොඩි මහතාට ඒරෙහිව වන විශ්වාස භංග යෝජනාව අද දිනයේ විවාදයට ගැනීමට නියමිතය. විවාදය අවසානයේ ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතය.

විශ්වාස භංගයේදී ඇමතිවරයා වෙනුවෙන් ඡුන්දය භාවිතා කිරීමට ආණ්ඩු පක්‍ෂය තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් අද දිනයේ සියළු මන්ත‍්‍රීවරුනට කොළඹ රැුදී සිටින ලෙස දන්වා ඇත.

2015 වර්ෂයේ දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ඩී එස් කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් අර්ත්මුවර්ස් සමාගම වෙත නීති විරෝධි ලෙස ලාභයක් හා වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ 70 ආ වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව කොළඹ මහාධිකරයේ නඩු අංක HCB 481/2026 යටතේ නඩු පවරා ඇත. 

අදාළ වකවානුවේදී පරීක්ෂාවට ලක්වූ විශේෂිත ටෙන්ඩරයක් පිරිනැමූ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ කුමාර ජයකොඩි මහතාය.

මෙම විමර්ශනයට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා තම නීතීඥවරුන්ට අවස්ථාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා මීට පෙර ඉල්ලීමක් කර තිබුණි. 

ඒ අනුව ලිඛිතව කරුණු දැක්වීමට කොමිෂන් සභාව අවසර ලබා දී තිබූ අතර, ඉදිරිපත් කළ එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව අමාත්‍යවරයාට එරෙහිව නඩු පැවරීමට කොමිසම තීරණය කර ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka