gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ට්‍රම්ප්ගේ තාවකාලික සටන් විරාමය ඉරානය ප්‍රතික්ෂේප කරයි! යුද්ධය සම්පූර්ණයෙන්ම නවත්තමුලු!

ආමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ඉදිරිපත් වූ සටන් විරාම යෝජනාව ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. තාවකාලික සටන් විරාමයකට එකඟ වීම වෙනුවට, පවතින ගැටුම් සඳහා “ස්ථිර සහ තීරණාත්මක නිමාවක්” අත්‍යවශ්‍ය බව ඉරානය අවධාරණය කර සිටී.

එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කරන ලෙස එල්ල වන බලපෑම්වලට සිය විරෝධය පළ කර ඇත.

ජාත්‍යන්තර මැදිහත් වීම මත ඉදිරිපත් වූ තාවකාලික සාම සාකච්ඡා හෝ සටන් විරාමයන් මගින් පවතින ප්‍රශ්නයට විසඳුම් නොලැබෙන බව ඉරාන බලධාරීන් පවසා ඇත.

ඉරානයේ නිල පුවත් ඒජන්සිය වන IRNA වාර්තා කළේ, පකිස්තානය හරහා අමෙරිකාව වෙත සිය පිළිතුර යොමු කරමින් ඉරානය මෙම තීරණය දැනුම් දුන් බවයි.

ඉරානය ඉදිරිපත් කළ ප්‍රතිචාරය කරුණු 10 කින් සමන්විත වන අතර, ඒ අතර ප්‍රධාන කරුණු කිහිපයක් වෙයි.

කලාපීය ගැටුම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීම.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත යාත්‍රා ගමනාගමනය සඳහා නව ප්‍රොටෝකෝලයක් සකස් කිරීම.

පනවා ඇති සම්බාධක ඉවත් කිරීම.

යුද්ධයෙන් හානි වූ ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කිරීම.

ඉරානයේ මෙම තීරණයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් දරුණු අතට හැරීමේ අවදානමක් මතුව තිබේ.

විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීම හේතුවෙන් ලෝක තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කරමින් පවසා ඇත්තේ අඟහරුවාදා රාත්‍රී 8:00 වන විට ලෝක බලශක්ති සැපයුමට අතිශය වැදගත් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය ආරම්භ කිරීමට එකඟ නොවන්නේ නම්, ටෙහෙරානය වෙත “නිරය” උදා කරන බවයි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka