gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් අලුත් සිතිවිලිවලින් අත්වැල් බැඳගනිමු - අගමැතිනියගෙන් අවුරුදු පණිවිඩයක්!

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසා සිටින්නේ එළඹෙන සියලු බාධක ජයගෙන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීම උදෙසා සියලු දෙනා නව සිතිවිලිවලින් යුතුව අදිටන් කරගත යුතු බවයි. 

අලුත් අවුරුද්ද යනු හුදෙක් උත්සවයක් පමණක් නොව, එය සංස්කෘතික හර පද්ධතීන් තුළ පවතින සමගිය, සහජීවනය සහ අන්‍යෝන්‍ය සබඳතාවල නව පුනරුදයක් බව ඇය සිය පණිවිඩය මගින් අවධාරණය කරයි.

මුළු රටම එකම නැකතකට සහ එකම රිද්මයකට පෙළගැසීම ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ සුවිශේෂීත්වය බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරිය, සිත් තුළ පවතින වාදභේද දුරු කර සහෝදරත්වයෙන් යුතුව අලුත් ආරම්භයක් ලබා ගැනීමේ වැදගත්කම ප්‍රකාශ කළාය. විශේෂයෙන්ම වර්තමාන ගෝලීය සහ ආර්ථික අභියෝග හමුවේ ජාතියක් ලෙස අප පෙන්වූ සාමූහික ශක්තිය ඉදිරියටත් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වගකීමක් බව ඇය මෙහිදී සිහිපත් කළාය.

රටේ අනාගතය වෙනුවෙන් කැපවන විදෙස්ගත ලාංකික සහෝදර සහෝදරියන් ද ගෞරවයෙන් සිහිපත් කළ අග්‍රාමාත්‍යවරිය, ඔවුන් සැමට ආරක්ෂාකාරී සහ සුවදායක හෙට දවසක් ප්‍රාර්ථනා කර සිටියි. දැවැන්ත සමාජ සහ දේශපාලනික පරිවර්තනයක කොටස්කරුවන් ලෙස සැබෑ සතුට සහ සැනසිල්ල උදාවන අනාගතයක් වෙනුවෙන් කැපවෙමු යැයි පවසමින් ඇය ලාංකේය ජනතාවට වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවායි සුබපැතුම් එක් කළාය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka