gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“මහ මොළකරු කවුද?” – ඥාණසාර හිමිගේ ප්‍රකාශය එක්ක ඇමති ආනන්ද පැටලේ!

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව සහ විපක්ෂ කණ්ඩායම් සිදුකරන ප්‍රකාශ, තමන් වෙත එල්ල වන චෝදනාවලින් ගැලවීමේ උත්සාහයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

විශේෂයෙන්ම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ මෑතකාලීන ප්‍රකාශ සහ විපක්ෂයේ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රජය පුද්ගලික මතයන් මත නොව විද්‍යාත්මක හා සාක්ෂි මත පදනම් වූ විමර්ශන ඔස්සේ සත්‍යය හෙළිදරව් කරන බවයි.

පාස්කු ප්‍රහාරය සිදුවූ යහපාලන ආණ්ඩු සමයේ මෙන්ම පසුව බලයට පැමිණි ආණ්ඩු කාලයන්හිදීද විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ විමර්ශන වාර්තාව දීර්ඝ කාලයක් සඟවා තබා තිබූ බවද ඔහු චෝදනා කරයි.

පිටු 37,500කින් සහ වෙළුම් 87කින් සමන්විත එම වාර්තාව මහජනතාවගෙන් සහ නීති ක්‍රියාවලියෙන් වසන් කර තිබූ බවත්, වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එය අධ්‍යයනය කිරීම සඳහා විශේෂ කණ්ඩායම් 10ක් පත් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම වාර්තාවේ අඩංගු චෝදනා මත නඩු පැවරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් කර ඇති බවද ඔහු පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත්භාවයෙන් සිටි බවට සහ ආධාර අනුබල දුන් බවට ලැබී ඇති සාක්ෂි මත මේ වන විට පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, සම්පූර්ණ කුමන්ත්‍රණය සම්බන්ධ තොරතුරු ඉදිරියේදී හෙළිවනු ඇති බවත්ය.

මේ අතර උත්සව සමය තුළ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය සහ යුද හමුදාව එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර එය අප්‍රේල් 18 දක්වා ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම බූස්ස බන්ධනාගාරයේ සිටි සංවිධානාත්මක අපරාධකරුවන් හත් දෙනෙකු වැලිසර බන්ධනාගාරයට මාරු කර ඇති බවත්, බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිකතා මැඩපැවැත්වීම සඳහා විශේෂ කාර්ය බලකාය යොදවා විශේෂ වැටලීම් සිදු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka