gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මගෙත්, දිලිත්ගෙත් සදාදරණීය නායකයා මහින්ද රාජපක්ෂයි – දිලුම් අමුණුගම කියයි

තමන්ගේ මෙන්ම දිලිත් ජය­වීර මහ­තාගේ ද සදා­ද­ර­ණීය නාය­කයා මහින්ද රාජ­පක්ෂ බව සර්ව­ජන බලය පක්ෂයේ ජාතික සංවි­ධා­යක, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී දිලුම් අමු­ණු­ගම මහතා පව­සයි. පොදු­ජන පෙර­මුණ හැදුව අය ලෙස එයට අලු­තින් එක්වී­මට දෙයක් නොමැති බවත් වෙනම දේශ­පා­ල­නය කළත් එම පක්ෂය සමඟ කිසිම ගැට­ලු­වක් නොමැති බවත් ඒ මහතා කීය.

මහ­නු­ව­රදී මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මින් දිලුම් අමු­ණු­ගම මහතා මෙසේද පැව­සීය.

අපේ සදා­ද­ර­ණීය නාය­කයා මහින්ද රාජ­පක්ෂ. දිලිත් ජය­වීර මහ­තාගේ සදා­ද­ර­ණීය නාය­ක­යාත් එතු­මායි. එහි වෙන­සක් නැහැ. අපි වෙනම දේශ­පා­ල­නය කළත් අවශ්‍ය වෙලා­වට ඕනෑම දෙයක් කරන්න පුළු­වන්. මේ ආණ්ඩුව මැති­ව­රණ සම­යේදී ජන­තාව දුන්න පොරොන්දු ඉටු කරන්නේ නෑ. මේ අය බල­යට පත් කරන්න සහය දුන්න බළල් අත්වල පොරොන්දු විත­රයි ඉටු කර­මින් ඉන්නේ. ඒ නිසා තමයි බුද්ධි අංශ ප්‍රධා­නීන්, හමු­දා­ප­ති­වරු, හිමි­ව­රුන් වගේම ත්‍රස්ත­වා­ද­යත් සමඟ කට­යුතු කර ප්‍රජා­ත­න්ත්‍ර­වාදී මාව­තට පැමිණි පිල්ලෙ­යාන් වගේ අය සිර­ගත කර­මින් යන්නේ. ජන­තාව දුන්න පොරොන්දු බල්ලට දාලා කට­යුතු කරන්නේ.

කොවිඩ් වසං­ග­තය ලෝක අර්බු­ද­යක්. දැන් ඇති­වෙලා තියෙන අර්බු­ද­ය­කට වඩා ඒක ලොකුයි. මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ රට­වල් කිහි­ප­යයි. ඒකට මුළු ලෝක­යම අහු­වුණා. එත­කොට විප­ක්ෂයේ සිටි මේ පාල­ක­යන් වසං­ග­තය අස්සේ තැන තැන පික­ටින් කළා. ජනා­ධි­පති ගෝඨා­භ­යට කිව්වා වසං­ග­තය අව­සන් කරන දවස කියන්න නැත්නම් ගෙදර යන්න කියලා. දැන් විප­ක්ෂය වග­කී­මෙන් හැසි­රෙ­නවා. ඒක අගය කළ යුතුයි.

තෙල් අර්බු­දය ඉදි­රි­යට දාලා හැම ප්‍රශ්න­යම යට ගහන්න දෙන්න බැහැ. මේ අය තමන්ගේ නොහැ­කි­යාව වහ­ගන්න හදන්නේ මැද­පෙ­ර­දිග යුද්ධය ඉස්ස­ර­හට දාලා. දැන්ම ජනා­ධි­ප­ති­වරු තෝරලා වැඩක් නැහැ. අවශ්‍ය වෙලා­වට සුදුසු කෙනා අපි තෝරා ගන්නවා. ජනා­ධි­ප­ති­ව­ර­ණය පැමිණි අව­ස්ථාව වන විට වඩා ජන­ප්‍රිය නාය­ක­යාට අපි සියලු දෙනා එකතු වෙලා සහය දෙන්න ඕනෑ කියන එක තමයි මගේ ස්ථාව­රය. අවශ්‍ය වෙලා­වට සුදු­සුම තීර­ණය සර්ව­ජන බලය ගන්නවා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka