gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"අනුර ගෝ හෝම්" චරිත් අබේසිංහ ප්‍රංශයෙන් අරඹයි... තව සති දෙකෙන් සජබය ලංකාව පුරා උද්ඝෝශන කරනවා (VIDEO)

අපි හිරුනිකාලා ගෝඨා ගෝ හෝම් කියලා ගහ හොල්ලනකොට අනුර ඇවිල්ලා සරම අල්ලලා ගෙඩි ටික අහුලගත්තා නැත්නම් සජිත් ජනාධිපති

ජන­තාව පීඩා­වට පත් කිරීම සම්බ­න්ධ­යෙන් රජ­යට එරෙ­හිව සමගි ජන බල­වේ­ගය විසින් ඉදි­රි­යේදී රට පුරා උද්ඝෝ­ෂණ මාලා­වක් ක්‍රියා­ත්මක කරන බවත් මීළඟ ජනා­ධි­පති ධුරය සජිත් ප්‍රේම­දාස මහ­තාට ලබා­ගෙන ජන­තා­වට සහන ලබා­දෙන ආණ්ඩු­වක් පිහි­ටු­වී­මට කට­යුතු කරන බවත් එම පක්ෂයේ පාර්ලි­මේන්තු මන්ත්‍රී චරිත් අබේ­සිංහ මහතා පැරි­සි­යේදී පවසා තිබේ.

සමගි ජන බල­වේ­ගයේ ප්‍රංශ ශාඛාවේ සුහද හමු­වක් පැරිස් නුවර ගැමියා අව­හ­න්හ­ලේදී පැවැති අව­ස්ථාවේ ඊට සහ­භාගි වෙමින් ඒ මහතා මේ බව කියා ඇත.

එහි දී වැඩි­දු­ටත් අද­හස් දැක්වූ චරිත් අබේ­සිංහ මහතා මෙසේද කීවේය.

“රාජ­ප­ක්ෂ­ව­රුන්ට එරෙ­හිව ‘ගෝඨා ගෝ හෝම්’ (Gota Go Home) යනු­වෙන් හඬ නඟ­මින් සහ ඔවුන්ගේ නිවාස ඉදි­රි­පි­ටට ගොස් විරෝ­ධතා පව­ත්ව­මින් එම අර­ග­ලය ආරම්භ කළේ සමගි ජන බල­වේ­ගය ඇතුළු කණ්ඩා­ය­මයි. එදා ගෝඨාගේ ආණ්ඩුව පෙර­ළී­මට සමගි ජන බල­වේ­ගය කට­යුතු කළා. නමුත් අපි ගහ හෙල්ලු­වට ගෙඩි වැටෙ­න­කොට සරම ඇල්ලුවේ වත්මන් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තායි. අපට එහිදී දේශ­පා­ලන වාසිය ලබා ගන්න බැරි වුණා. නමුත් දැන් ඔහු බලය ලබා­ගෙන ජන­තාව පීඩා­වට පත්ක­ර­මින් නොහැ­කි­යාව පෙන්නුම් කර­මින් සිටි­නවා. ඊට එරෙ­හිව සමගි ජන බල­වේ­ගය ප්‍රමුඛ විප­ක්ෂය ඒකා­බ­ද්ධව දැවැන්ත උද්ඝෝ­ෂණ මාලා­වක් රට පුරා දියත් කිරී­මට බල­පො­රොත්තු වෙනවා. ඉදිරි කාල­යේදී ඒ පිළි­බඳ ජන­තා­වට දැක­ගන්න පුළු­වන් වේවි. ඒකා­බද්ධ විප­ක්ෂයේ වැඩ­පි­ළි­වෙළ පිළි­බඳ රනිල් වික්‍ර­ම­සිංහ මහතා කිසිදු ඍණා­ත්මක ප්‍රකා­ශ­යක් සිදු කර නැහැ. සමගි ජන බල­වේ­ගය සියලු පක්ෂ ඒකා­බද්ධ කර­ගෙන දැවැන්ත උද්ඝෝ­ෂණ ව්‍යාපා­ර­යක් ආරම්භ කර­නවා. ”
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka