gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන පිරිවැය දෙතුන් ගුණයකින් ඉහල යාවි.. ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා..- සිපෙට්කෝ

මැදපෙරදිග කලාපීය යුද ගැටුම් සමනය නොවී තවදුරටත් වර්ධනය වුවහොත්, මෙරට බලශක්ති වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවනු ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙන්ම තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ ජාත්‍යන්තර දේශපාලන අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බරපතළ බලපෑම පිළිබඳව අවධානය යොමු කර ඇති බවය.

වර්තමාන තත්ත්වය යටතේ මෙරට ඉන්ධන අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 4.5 සිට 5 දක්වා මුදලක් වැය කෙරේ.

කලාපීය නොසන්සුන්තාව හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියහොත්, ඉන්ධන ආනයනය සඳහා වැයවන මෙම පිරිවැය දෙගුණයකින් හෝ තෙගුණයකින් ඉහළ යා හැකි බවට සංස්ථාව පුරෝකථනය කරයි.

නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, ආනයන වියදම් මෙලෙස අතිවිශාල ලෙස ඉහළ ගියහොත් පාරිභෝගික මිල සංශෝධනය කිරීම රජයට මඟහැරිය නොහැකි වනු ඇති බවයි.

මෙම තත්ත්වය හමුවේ දේශීය ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීම ඉදිරි කාලසීමාව තුළ ප්‍රධාන අභියෝගයක් වනු ඇති බව වැඩිදුරටත් අවධාරණය කෙරේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka