gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැදපෙරදිග උණුසුම නිවෙන ලකුණු – ට්‍රම්ප්ගේ සටන් විරාමයට ඉරානයත් කැමති වෙයි

ඇමෙරිකානු ජනධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද සති දෙකක සටන් විරාමය  පිළිගෙන ඇති  ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට එකඟ වී තිබේ. ජනාධිපති  ට්‍රම්ප් සිය ට්‍රූත් සෝෂල් ගිණුම හරහා මෙම නිවේදනය කළේ පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ ෆීල්ඩ් මාෂල් අසිම් මුනීර් සමග සාකච්ඡා කිරීමෙන් පසුව තමන් මෙම තීරණය ගත් බවයි.

“පාකිස්තානයෙන් ඉල්ලීමක් ලැබුණු නිසාත්, ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් සහ ආරක්ෂිතව විවෘත කිරීමට එකඟ වූ නිසාත්, මම ඉරානය බෝම්බ හෙලීම දෙසතියකට අත්හිටුවමි,” ට්‍රම්ප් ලියා තිබුණි.

ශ්‍රි ලංකාවේ වේලාවෙන් අද අලුයම 3.32ට (ග්‍රීනිච් වේලාවෙන්  රාත්‍රී 10.32ට) මෙම පණිවුඩය පළ වූ අතර, ට්‍රම්ප් ඉරානයට ලබා දී තිබූ අවසන් කාලය ඉක්ම යනන්ට පැය දෙකක් ති බියදී එය නිවේදනය කෙරුණි.

ල්ජසීරා වාර්තා කළ පරිදි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ

“ඉරානයට එරෙහි ප්‍රහාර  නතර කළහොත් අපගේ ශක්තිමත් සන්නද්ධ හමුදා ආරක්ෂක මෙහෙයුම් නතර වේවි . දෙසතියක කාලයක් තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත ගමන් මාර්ග සපයනු ඇත” යනුවෙනි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka