gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සමාජ ජාලා හොල්ලන ජනපතිගේ ලන්ඩන් මිතුරාට ලොකු තැනකින් තර්ජන...

විදේශගතව සිටින තමාට පවා ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරියෙකු යැයි හඳුන්වා ගන්නා පුද්ගලයෙකුගෙන් තර්ජනාත්මක ස්වරූපයේ බලපෑම් එල්ල වෙමින් පවතින බව මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා අනාවරණය කරයි.

ලන්ඩනයේ පදිංචිව සිටින ඒ මහතා පවසන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී පවා තමාට මෙවැනි තර්ජනාත්මක ඊමේල් පණිවිඩ ලැබී නොමැති බවයි.

තමා වෙත ලැබුණු ඊමේල් පණිවිඩයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් උවිඳු කුරුකුලසූරිය මහතා පෙන්වා දෙන්නේ, පුද්ගලයෙකු තමා ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය මධ්‍යස්ථානයේ මේජර් සේනාරත්න ලෙස හඳුන්වා දෙමින් පණිවිඩයක් එවා ඇති බවයි.

අදාළ පණිවිඩය මගින් ඔහු දන්වා ඇත්තේ කුරුකුලසූරිය මහතාගේ වෙබ් අඩවිය සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර සම්බන්ධීකරණ නිලධාරියා ලෙස තමා කටයුතු කරන බවත්, ඒ සඳහා වෙබ් අඩවියට වගකිව යුතු පුද්ගලයාගේ සම්බන්ධීකරණ තොරතුරු ලබා දෙන ලෙසත්ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමා වහාම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා මහතා දැනුවත් කළ බවත්, අදාළ මේජර්වරයා කවුදැයි විමසා සිටි බවත් උවිඳු මහතා පවසයි.

ආරක්ෂක ලේකම්වරයා සමඟ කළ වට්ස්ඇප් සංවාදවල ස්ක්‍රීන්ෂොට් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, ඒ පිළිබඳව සොයා බලන බවට ලේකම්වරයා පැවසුවද දින කිහිපයක් ගත වන තුරුත් නිසි පිළිතුරක් හෝ පියවරක් ගෙන නොමැති බවයි.

"විදේශයක සිටින මට පවා මෙවැනි තර්ජන එල්ල වන්නේ නම්, ලංකාවේ සිටින මාධ්‍යවේදීන් සහ විවේචනාත්මක ලේඛකයින් කෙතරම් බිය ගැන්වීම්වලට ලක්වනු ඇත්ද?" යන්න උවිඳු කුරුකුලසූරිය මහතා ප්‍රශ්න කර සිටී.

තමා මෙවැනි බලපෑම් හමුවේ පසුබට නොවන බවත්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් නිසි පියවරක් නොගැනීම ගැටලු සහගත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka