gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දසුන් ශානකට වසරක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක්

දසුන් ශානකට වසරක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ, ඔහු අදාළ සුපර් ලීග් තරගාවලියෙන් ඉවත්ව ඉන්දිය ප්‍රිමීයර් ලීග් තරගාවලියට සහභාගීවීම හේතුවෙනි.

 
ඒ අනුව දසුන් ශානකට ලබන වසරේ පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත. 

අදාළ තරගාවලියෙන් ඉවත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් බෙහෙවින් කනගාටු වන බවත් මේ පිළිබඳව පාකිස්තාන ජනතාවගෙන් සහ සුපර් ලීග් රසිකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බව දසුන් ශානක ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

ඔහු මෙවර සුපර් ලීග් තරගාවලියේ Lahore Qalandars කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිතව සිටිය ද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කිරීමට ඔහුට අවස්ථාව හිමිවීමෙන් පසුව ශානක මේ තීන්දුව ගෙන තිබිණි.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka